වාර්තා වු රෝගීන් සංඛ්‍යාව වැඩි වුවත් 2017 වසරේ මේ දක්වා එකදු මරණයක් හෝ වාර්තා නොවුයේ මහනුවර මහ රෝහලේ සායනික කටයුතුවල උසස් බව සහ ප්‍රතිකාර සම්බන්ධයෙන් රෝගීන් නිසි පරිදි දැනුවත්ව සිටි නිසා බවද ඔහු වැඩිදුරටත් පවසයි.
අධ්‍යක්ෂවරයා මෙම අදහස් පළ කළේ ඊයේ (19) මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී මාසික ඩෙංගු මර්දනය සම්බන්ධයෙන් පැවති ප්‍රගති සමාලෝචන රුස්වීමට සහභාගි වෙමිනි.
මහනුවර දිස්ත්‍රික්කයට නව ධුමායන යන්ත්‍ර 35ක් ලැබී ඇති බවත් ඩෙංගු ව්‍යාප්තිය පාලනය සදහා මෙම නව යන්ත්‍ර විශාල උපකාරයක් බවත් පැවසු අධ්‍යක්ෂවරයා කැලි කසල අක්‍රමවත්ව බැහැර කරන නාගරික ප්‍රදේශ ආශ්‍රිතව ඩෙංගු රෝග ව්‍යාප්තිය බහුලව සිදුවන බවද පැවසීය. එබැවින් කැලි කසල ප්‍රශ්නයට කඩිනමින් විසදුම් සොයාගත යුතුව ඇති බවත් ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන ලදී.
ඉකුත් වසරේ ඩෙංගු රෝගය වැලදීමෙන් මහනුවර දිස්ත්‍රික්කයේ පුද්ගල මරණ දහයක් වාර්තා වී තිබේ. මෙම වසරේදී කුණ්ඩසාල කොට්ඨාසයෙන් වැඩිම රොගීන් සංඛ්‍යාවක් වාර්තාවී ඇති අතර උඩපලාත ගම්පොල, යටිනුවර හා හාරිස්පත්තුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස ඩෙංගු අධි අවදානම් කලාප වශයෙන් හදුනාගෙන ඇති බවත් ඔහු අධ්‍යක්ෂ වරයා පැවසීය.
කොළඹ, ගම්පහ හා කළුතර දිස්ත්‍රික්කය හැරුණු විට වැඩිම ඩෙංගු රෝගීන් ප්‍රමාණයක් වාර්තා වන්නේ මහනුවර දිස්ත්‍රික්කයෙන් බැවින් මහනුවර දිස්ත්‍රික්කයේ ඩෙංගු මර්දනය පිළිබදව වැඩි අවදානයක් යොමු කළ යුතුව ඇති බවත් අධ්‍යක්ෂවරයා පෙන්වා දෙන ලදී.
මෙම රැස්වීම මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති අතර මහනුවර දිස්ත්‍රික් ලේකම් එච්.එම්.පී හිටිසේකර මහතා ඇතුළු මහනුවර දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා නිලධාරින්, මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්, ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරින් රැසක් සහභාගි වුහ.