ඒ අනුව මැතිවරණ කොට්ටාස 9 ය ආවරණය වන පරිදි එක් කොට්ටාසයකට රු. ලක්ෂ 600 ක වියදමින් මාර්ග ප්රතිංස්කරණය කිරීම සදහා ප්‍රතිපාදන වෙන් කර තිබේ. මෙහිදී මාර්ග වලට ගල් අතුරා තාර දැමීම සිදු කෙරේ.
කෑගල්ල දිස්ත්‍රික් දේශපාලන නායකත්වය ලබා දුන් යෝජනා අනුව පිළිසකර කෙරෙන මාර්ග තෝරා ගෙන ඇති අතර මේ වනවිට මාර්ග සංවර්ධන අධිකාරිය වෙත යෙජනා 47 ක් ඉදිරිපත් වී ඇත. එම යෝජනාවන් සදහා රු.ලක්ෂ 3100 සදහා අනුමැතිය හිමිව තිබේ.
මෙම සංවර්ධන ව්‍යාපෘතියේ කොන්ත්‍රාත් සමාගම ලෙස රජයට අනුබද්ධ මගනැගුම මාර්ග සංවර්ධන සමාගම කටයුතු කරයි.