අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කෑගල්ලේ ව්‍යවසායකත්ව සංවර්ධන කමිටු ඇරඹේ

    පෙබරවාරි 18, 2017

    කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සදහා වන ජාතික ප්‍රතිපත්තියට අනුව දිස්ත්‍රික් ව්‍යවසායකත්ව කමිටු පිහිටුවීම සම්බන්ධව දැනුවත් කිරීමේ වැඩසටහනක් කෑගල්ල අතිරේක දිස්ත්‍රික් ලේකම් ප්‍රභාත් උදාකර හා කුඩ ව්‍යාපාර සංවර්ධන අංශයේ අධ්‍යක්ෂක සුධීර ජයරත්න යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පසුගියදා කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි.

    කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් මුහුණ දෙන අභියෝග හඳුනාගැනීම, තිරසර කුඩා ව්‍යාපාර බිහිකිරීම, ව්‍යවසාය සංවර්ධනය ඇතුළු අරමුණු රැසක් මුදුන්පත් කර ගැනීම සඳහා මෙම දිස්ත්‍රික් ව්‍යවසායකත්ව සංවර්ධන කමිටු ආරම්භ කෙරේ. මෙම කමිටු මගින් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සඳහා ඉහළ මට්ටමේ ප්‍රතිලාභ රැසක් හිමිවන අතර ඔවුන් මුහුණ දෙන අභියෝග සඳහා විසඳුම් ලබා දීමට අගමැති ප්‍රමුඛ ජාතික මෙහෙයුම් කමිටුව වෙත අවසානයේ දී යොමු කෙරේ. මේ අවස්ථාව සඳහා රාජ්‍ය නිලධාරීන්, බැංකු නිලධාරීන්, ව්‍යවසායකයින්, වෙළඳ සංගම් නායකයින් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya