අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ළමා පිහිණුම් තටාකය සිසු අයිතියට

    පෙබරවාරි 16, 2017

    පානදුර, සුමංගල විද්‍යාලයේ රුපියල් ලක්ෂ 12 ක වියදමින් ඉදිකළ ළමා පිහිණුම් තටාකය අද දින (16) සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා විසින් විවෘත කරන ලදි.

    මීට අමතරව එම විද්‍යාලයේ සුව පියස සදහා රුපියල් ලක්ෂ 50 ක් වටිනා දන්ත සායන ඇදක් ද, පාසල් පුස්තකාලය සදහා රුපියල් ලක්ෂ 08 ක් වටිනා පොත්පත් ද, මෙහිදී අමාත්‍යවරයා විසින් ප්‍රදානය කරන ලදි.

    මෙම අවස්ථාවට පානදුර සුමංගල විද්‍යාලයේ විදුහල්පති තිලංග සිල්වා මහතා, පානදුර සිංහ සමාජයේ සිංහාධිපති රෝහාන් ද ෆොන්සේකා මහතා, පාසල් සංවර්ධන සමිතියේ සභාපති දිනේෂ් කැටපේ ආරචිචි මහතා, ආදිශිෂ්‍ය සංගමයේ සභාපති කිත්සිරි ද සිල්වා මහතා ඇතුලු දෙමාපියන්, සිසු සිසුවියන් ඇතුලු පිරිසක් එක්ව සිටියහ.මේ සදහා මුදල් ප්‍රතිපාදන පානදුර සිංහ සමාජය, පාසල් සංවර්ධන සමිතිය, සුමංගල විද්‍යාලයේ ආදිශිෂ්‍ය සංගමය විසින් ප්‍රදානය කොට තිබුණි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya