අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කුඩා තේ වතුහිමියන් සඳහා ඉදිරියේ දී තේ බැංකුවක්

    පෙබරවාරි 14, 2017

    කුඩා තේ වතුහිමියන්ගේ මුල්‍ය කටයුතු සාර්ථකව සිදු කිරීම සඳහා ඉදිරියේ දී රජය විසින් තේ බැංකු ක්‍රමයක් හඳුන්වා දීමට ක්‍රියා කරන බව කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ සභාපති විජේරත්න දෙවගෙදර මහතා සඳහන් කරයි.

    මේ වන විට ඒ සඳහා ක්ෂෙත්‍රෙය් විද්වතුන් සමඟ සාකච්ඡා කරමින් පවතින බවද ඒ මහතා සඳහන් කළේය. රට තුළ කුඩා තේ වතු හිමියන් මේ වන විට ලක්ෂ පහක පමණ සංඛ්‍යාවක් සිටින අතර ඔවුන් වෙනුවෙන් සැකසුණ බැංකු ක්‍රමයක් මගින් මූල්‍ය ස්ථාවරත්වය මෙන්ම සුබසාධන ක්‍රියාවලිය ද වඩාත් විධිමත් ලෙස පවත්වා ගත හැකි වනු ඇත. විශේෂයෙන් තේ මිලෙහි ඇතිවන උච්චාවචනයන් හා තේ කර්මාන්තයේ විවිධ අභියෝගයන් හමුවේ කුඩා තේ වතු හිමියන් ආරක්ෂා කරගැනීමට මෙවැනි බැංකු ක්‍රමයක් වඩාත් වැදගත් වනු ඇතැයි  කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

    ඒ මහතා මේ අදහස් දක්වා සිටියේ කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ 40 වන වර්ෂ පූර්ණය වෙනුවෙන් මාධ්‍යවේදීන් දැනුවත් කිරීම සඳහා යටියන්තොට හල්ගොල්ල වතු යායේ පැවති රැස්වීමක් අමතමිනි.

    මේ අවස්ථාව සඳහා කෑගල්ල සහකාර දිස්ත්‍රික් ලේකම් සමන් අනුර , කෑගල්ල කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ ප්‍රාදේශීය  කළමනාකරු ආර්.ඒ.ජී.පී රණසිංහ යන මහත්වරුන් ඇතුළු දිස්ත්‍රික්කයේ තේ පරීක්ෂකවරුන් මාධ්‍යවේදීන් හා හල්ගොල්ල එකමුතු කුඩා තේ වතු හිමියන්ගේ සංවර්ධන සමිතියේ සාමාජිකයන් රැසක් ද සහභාගී වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya