අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පුත්තලම දිස්ත්‍රික් කාන්තාවන් ස්වයං රැකියා සඳහා යොමු කෙරේ

    පෙබරවාරි 01, 2017
    පුත්තලම දිස්ත්‍රික්කයේ කාන්තාවන් ස්වයං රැකියා සඳහා යොමු කිරීමේ විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මකයි. මේ යටතේ කාන්තා සංවිධාන, කාන්තා සමිති නියෝජිතවරියන් දැනුම්වත් කිරීමේ වැඩපිළිවෙළද මේ වන විට ආරම්භ කර තිබේ. රටට අවශ්‍ය දේ රට තුළදීම නිෂ්පාදනය කර ගැනීම සුදුසු බව පැහැදිලි කරමින් මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක වන්නේ නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේබණ්ඩාර මහතාගේ මගපෙන්වීම යටතේය. 
     
    මෙහි පළමු අදියර පසුගියදා වෙන්නප්පුව, සිරිගම්පොලදී ආරම්භ විය. කාන්තා සමිති නියෝජිතවරියන් රැසක් ඊට සහභාගී වී සිටි අතර කාන්තා සමිති සඳහා අවශ්‍ය උපකරණ බෙදා දීමක් ද මෙහිදී සිදු විය. 
     
    කාන්තා නියෝජිතවරියන් මෙහිදී පෙන්වා දුන් ප්‍රධාන කාරණයක් වන්නේ පුහුණුව ලබා ගැනීමේදී හා නිෂ්පාදන සඳහා අමුද්‍රව්‍ය සපයා ගැනීමේදී විවිධ දුෂ්කරතාවන්ට මුහුණ පෑමට සිදුවන බවයි. මේ පිළිබඳ අවදානය යොමු කළ අමාත්‍ය පාලිත රංගේබණ්ඩාර මහතා සඳහන් කර සිටියේ නුදුරු දිනකදී මෙම ගැටලු විසඳීමට අදාල ව සාකච්ඡා සිදු කරන බවයි. එමෙන්ම කාන්තාව ස්වයං රැකියා සඳහා යොමු කිරීමේ වැඩපිළිවෙළ රජය බලාපොරොත්තුවන ප්‍රධාන කටයුත්තක් බවත් එහි ප්‍රතිලාභ පුත්තලමේ කාන්තා පරපුර වෙත උරුම කර දීම තමාගේ බලාපොරොත්තුව බවත් ඔහු කියා සිටියේය.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya