අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකා ජාතික දන්ත වෛද්‍ය (ශික්ෂණ රෝහල) ජනතා අයිතියට

    පෙබරවාරි 01, 2017
    ශ්‍රී ලංකා ජාතික දන්ත වෛද්‍ය (ශික්ෂණ රෝහල) ඊයේ (31) ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සහ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ සහභාගීත්වයෙන් ජනතා අයිතියට පත් කෙරිණි.
     
    ශ්‍රී ලංකා ජාතික දන්ත වෛද්‍ය (ශික්ෂණ රෝහල) නව ගොඩනැගිල්ල සඳහා වියදම් වූ මුදල රුපියල් මිලියන 800 ක් පමණ වේ. මෙහි නවීන උපකරණ සහ පහසුකම් සඳහා රුපියල් මිලියන 1000ක් පමණ වැය කොට ඇති අතර, මෙම ගොඩනැගිල්ල මහල් 10 කින් සමන්විත වේ. දිනකට දහසකට අධික රෝගීන් සංඛ්‍යාවකට මෙම රෝහලෙන් ප්‍රතිකාර කිරීමට නියමිතය.
    ශ්‍රී ලංකා ජාතික දන්ත වෛද්‍ය (ශික්ෂණ රෝහල) තුළ බාහිර රෝගී අංශය, හදිසි ප්‍රතිකාර ඒකකය, මුඛ හණුක හා චක්ක්‍ර ශල්‍ය වෛද්‍ය අංශ 04ක්, දන්ත සංරක්ෂණ අංශ 02ක්, විකලාංග දන්ත සායනය, මුඛ රෝග නිවාරණ ඒකකය, ඇඳන් 32 ක් සහිත ගැහැණු හා පිරිමි වාට්ටු සංකීර්ණය, ශල්‍යාගාර 03 ක් සහිත ශල්‍යාගාර සංකීර්ණය, දැඩි සත්කාර ඒකකය (ආරම්භ කිරීමට සියලු කටයුතු සුදානම් කොට ඇත), මුඛ ව්‍යාධි අංශය, ශ්‍රී ලංකාවේ එකම එක්ස් කිරණ ඡායාරූප පහසුකම් සහිත Cone Beam CT යන්ත්‍රය සහිත පරිඝණක ගත කළ දන්ත එක්ස් කිරණ අංශය, පරිඝණක ගත කළ රෝගීන් ලියාපදිංචි කිරිම, දන්ත විකලාංග ප්‍රතිකාර සහ සංකීර්ණ දන්ත සංරක්ෂණ ප්‍රතිකාර සඳහා පහසුකම් සළසන දන්ත රසායනාගාර 02 ක් යන අංශ සහ පහසුම්වලින් යුක්තය. 
     
    එමෙන්ම මෙම රෝහලේ මුඛ හණුක හා චක්ත්‍ර විශේෂඥ ශල්‍ය වෛද්‍යවරුන්, දන්ත සංරක්ෂණ විශේෂඥ වෛද්‍යවරියන්, දන්ත විකලාංග විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයෙක්, ප්‍රජා දන්ත වෛද්‍ය විශේෂඥවරියක්, මුඛ ව්‍යාදිවේදී විශේෂඥ වෛද්‍යවරුන් ඇතුලු විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් ද, දන්ත කාර්මික ශිල්පීන්, හෙදියන්, ඖෂධවේදීන්, විකිරණ ශිල්පීන් ඇතුලු සෙසු කාර්ය මණ්ඩල 240 කින් ද සමන්විතය. 
     
    ශ්‍රී ලංකා ජාතික දන්ත වෛද්‍ය (ශික්ෂණ රෝහල) මහල් 10 ක් සහිත දෙවන අදියරට මුල්ගල තැබීම ද මෙහිදී සිදුවිය.
     
    මෙම අවස්ථාවට නියෝජ්‍ය අමාත්‍ය ෆයිසාල් කාසීම් මහතා, සෞඛ්‍ය ලේකම් අනුර ජයවික්‍රම මහතා, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් ජයසුන්දර බණ්ඩාර මහතා ද එක්විය.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya