අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අනවසර පදිංචිකරුවන් දුම්රිය මාර්ගයේ සංවර්ධනයට බාධාවක් - ප්‍රවාහන ඇමති

    ජනවාරි 29, 2017
    කැලණිවැලි දුම්රිය මාර්ගයේ සංවර්ධන කටයුතුවලට විශාල බාධාවක් ව පවතින්නේ දුම්රිය මඟ දෙපස සිටින අනවසර පදිංචිකරුවන් බව ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.
     
    ඒ අනුව මෙම අනවසර පදිංචිකරුවන් වෙනත් සුදුසු ස්ථානවල පදිංචිකරවීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙළ මේ වන විට සකස් කරමින් පවතින බවත් සඳහන් කරන අමාත්‍යවරයා එතෙක් කෙටි කාලීන වශයෙන් කැලණිවැලි දුම්රිය මාර්ගය සහ දුම්රිය ස්ථාන ප්‍රතිසංවර්ධනය කිරීම මේ වන විට ආරම්භ කර ඇති බවත් පැවසීය.
     
    අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (28) කැලණිවැලි දුම්රිය මාර්ගයේ සංවර්ධන කටයුතු නිරීක්ෂණය කිරීමේ අවස්ථාවට හෝමාගමදී එක්වෙමිනි.
     
    අනවසර ඉදිකිරීම් ඉවත්කිරීමෙන් අනතුරුව පාදුක්ක දක්වා ද්විත්ව මාර්ගයක් ඉදිකිරීම තුළින් දැනට කොළඹ සිට හෝමාගම දක්වා මහාමාර්ගයේ පවතින මාර්ග තදබදය අවමකිරීමට හැකි බවද පැවසීය.
     
    වසර 10කට පසු වත්මන් රජය විසින් මෙම දුම්රිය මාර්ගය හා දුම්රිය ස්ථාන ප්‍රතිසංවර්ධනය කිරීමේ වැඩපිළිවෙළක් දුමරිය දෙපාර්තමේන්තුව මගින් ආරම්භ කර ඇති අතර මේ යටතේ ප්‍රධාන දුම්රිය ස්ථාන 11ක් දැනට ධාවනය කරන දුම්රියන්ට සරිලන පරිදි උස් කිරීම හා දිගු කිරීම මේ වන විට සිදු කරන අතර කොන්ක්‍රීට් සිල්පර යොදා මාර්ගය අලුත්වැඩියා කටයුතු ද සිදුකරමින් පවතී. එමෙන් ම මගීන්ට අවශ්‍ය යටිතල පහසුකම් වැඩිකිරීමේ වැඩපිළිවෙළක් ද ආරම්භ කර ඇත.
     
    මෙම ව්‍යාපෘතියට දුම්රිය දෙපාර්තමේන්තුවට ලබාදී ඇති ප්‍රතිපාදන මගින් රුපියල් මිලියන 300ක මුදලක් වැයකරන බව දුම්රිය දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya