අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රාජ්‍ය, පෞද්ගලික ඒකාබද්ධ පළමු සූර්යබල ව්‍යාපෘතිය ඇරඹේ

    ජනවාරි 28, 2017
    සුනිත්‍ය බලශක්ති අධිකාරිය සහ පෞද්ගලික අංශය ඒකාබද්ධව ආරම්භ කිරීමට සැලසුම් කළ සූර්යබල ව්‍යාපෘතියේ සමාරම්භය විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා හම්බන්තොට දී ආරම්භ විය.
     
    සූර්යබල සංග‍්‍රාමයට සමගාමීව සුනිත්‍ය බලශක්ති අධිකාරිය විසින් ක්‍රියාත්මක කිරීමට නියමිත මෙම ව්‍යාපෘතිය හරහා මෙගාවොට් 10ක සූර්යබල විදුලිබලාගාරයක් හම්බන්තොට රණමයුරපුර ප්‍රදේශයේ ඉදිකරනු ඇත. 
     
    සුනිත්‍ය බලශක්ති අධිකාරි පනත, මේ රටේ පුනර්ජනනීය බලශක්තිය වර්ධනය කරන්න, ජනතාව අතරට වැඩිවැඩියෙන් පුනර්ජනනිය බලශක්තිය ගෙනයන්න හදපු සජීවි ප‍්‍රාණවත් පනතක් නමුත් මෙම කාලසීමාව තුළදී ඒ පනතේ ඇතුළත් සජීවි අංගයන් පණගැන්වීම සඳහා තව ඉතිරි වෙලා තිබෙනවා බවත් පෞද්ගලික අංශය සමග ඒකාබද්ධ ව්‍යාපෘතීන් ආරම්භ කිරීමට සුනිත්‍ය බලශක්ති අධිකාරියට හැකියාව තිබෙනවා බවත් පෙන්වා දුන් විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යවරයා ඒ ආදායම නව පර්යේෂණ, සොයාගැනීම් සහ සේවක අභිපේ‍්‍රරණය සඳහා යොදාගත හැකි යැයි ද පැවසීය.
     
    මේ දිනවල පවතින නියග තත්ත්වය මත ඉදිරි කාලය සඳහා දීර්ඝ සැලසුම් සකස්කරලා තිබෙන බවත් මාස 6ක් නියඟය පැවතියත් මේ වැඩසටහන යටතේ අමතර වැය බරකින් තොරව අඛණ්ඩව විදුලිය ලබාදෙන බවත් පෙන්වාදුන් අමාත්‍යවරයා නියඟය නිසා ඇතිවන අතුරු ප‍්‍රථිපලවලට මුහුණදීම සඳහා ජනාධිපති අනුකමිටුවක් සකස් කොට ඇතැයි ද කීය.
     
    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ උපදෙස් මේ තත්ත්වය සමනය කරගැනීම සඳහා අමතර වියදම් භාණ්ඩාගාරයෙන් ලබාදෙන්න එකඟවෙලා තියෙනවා" යැයි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.
     
    මෙම අවස්ථාව සඳහා විදුලිබල හා පුනර්ජනනීය නියොජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා ඇතුළු විදුලිබල අමාත්‍යාංශයේත් ලංකා විදුලිබල මන්ඩලයේ සහ සුනිත්‍ය බලශක්ති අධිකාරියේත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විශාල පිරිසක් සහභාගී වූහ.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya