අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පොහොර සහනාධාර සඳහා ගාල්ලට මිලියන 52.217ක්

    ජනවාරි 28, 2017
    2016/2017 මහ කන්නයේ ගාල්ල දිස්ත්‍රික්කයේ ගොවීන් 10612ක් සඳහා හෙක්ටයාර් 4122.36ක් වගා කිරීමට රුපියල් මිලියන 52.217 ක් මුදා හැර ඇති බව ගාල්ල දිස්ත්‍රික් ජතික පොහොර ලේකම් කාර්යාලය සඳහන් කර සිටී.  
     
    පසුගිය වර්ෂයේ දිස්ත්‍රික්කයේ යල කන්නය සඳහා ගොවීන් 18918ක් සඳහා හෙක්ටයාර් 8300ක් වගා කිරීමට රුපියල් මිලියන 105.82ක මුදලක් ලබා දී තිබුණ ද එම කන්නයේ වගා කළේ හෙක්ටයාර් 1528ක ප්‍රමාණයක් පමණි.
     
    මේ  තත්ත්වය සලකා බලා මෙම කන්නයේ දී පසුගිය කන්නයේ වගා කළ ගොවීන්ට පමණක් ලබා දීමට රජය තිරණය කර ඇත.
     
    මේ වන විට අදාල මුදල් ගොවීන්ගේ බැංකු ගිනුම් සදහා ගිණුම් ගත කොට ඇති බව ද ජතික පොහොර ලේකම් කාර්යාලය සඳහන් කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya