නෙදර්ලන්ත රජයේ ආධාර යටතේ ඉදිකිරිමට නියමිත මෙම රෝහල සඳහා රජය රුපියල් මිලියන 4400ක් වැය කරනු ලබයි.
රෝහල සඳහා මුල්ගල් තැබිම තව නොබෝ දිනකින් සිදුකිරීමට නියමිත අතර 2019 වර්ෂයේ දී වැඩ අවසන් කිරීමට සැලසුම් කර ඇත. ශල්‍යාගාර, ප්‍රසුතිකාගාර, නොමේරු ළදරු ඒකක ඇතුළු තවත් අත්‍යාවශ්‍ය අංග රැසකින් මෙම රෝහල සමන්විත වේ.
එකම භූමී භාගයක් තුළ මෙම ළමා හා කාන්තා රෝහල ස්ථාපිත කරන අතර මෙයින් බැහැර කරන අපද්‍රව්‍ය විනාශවන පද්ධතියක් අඩංගු වීම මෙම රෝහලේ ඇති විශේෂ ලක්ෂණයකි.
මෙවැනි රෝහලක් දැනටමත් රාගම ශික්ෂණ රෝහල තුළ ඉදිවෙමින් පවතින අතර තවත් දිස්ත්‍රික්ක රැසක මෙවැනි රෝහල් ඉදිකිරීමට සෙඛ්‍ය, පෝෂණ හා දේශීය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා බලාපොරොත්තු වේ.