මෙහි දී පානීය ජල අවශ්‍යතාව සහ වගාවන් සඳහා ජල අවශ්‍යතාව පිළිබඳ ව විශේෂයෙන් අවධානය යොමු කරමින් දිස්ත්‍රික්කයේ වගකිවයුතු ආයතන සියල්ලේ ම සහායෙන් ඒකාබද්ධ සැලැස්මක් සකස් කෙරිණි.
මේවන විට නියඟය හේතුවෙන් පානීය ජලය පිළිබඳ ව ගැටලුවක් ඇති වී නොමැති බවත් එහෙත් ඉදිරි සති කිහිපය තුළ ප්‍රමාණවත් වැසි නොලැබුණහොත් මාතර දිස්ත්‍රික්කයේ පවුල් 600 කට ආසන්න පිරිසකට පානීය ජලය සපයා දීමට සිදුවන බවත් හෙළිවිය. ඒ සඳහා අදාළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් සුදුසු ක්‍රමවේද අනුගමනය කරමින් ජලය සපයා දීමට තීරණය කෙරිණි. පානීය ජල අවශ්‍යතාව දැඩි වුවහොත් එවැනි ප්‍රදේශ කේන්ද්‍රකර ගනිමින් ජල ටැංකි ස්ථානගත කර හමුදාවේ හා පොලීසියේ සහාය ලබාගෙන ඒවාට ජලය සැපයීමට යෝජනා කෙරිණි.
නිල්වලා ගඟේ ජල මට්ටම අඩුවන විට මුහුදු ජලය ගඟේ ඉහළට යාම වැළැක්වීම සඳහා පසුගිය සමයේ ඉදිකළ කරදිය බාධකය තවමත් තිබෙන බැවින් එය ප්‍රතිසංසකරණය කිරීමෙන් මෙවරද කරදිය ගඟේ ඉහළට යාම වළක්වාගත හැකි බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින් පෙන්වා දී ඇත. නියඟයට ඔරොත්තු දෙන ජල බුබුළු දහ අටක් මේ වන විට හඳුනාගෙන ඇති අතර අවශ්‍යතා අනුව ඒවායේ ජලය ජනතාවට ලබාදීමට කටයුතු කෙරේ.
මාතර දිස්ත්‍රික්කයේ ජල බවුසර් නොමැති ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ ප්‍රාදේශීය සභාවලට ජල බවුසර් ලබා ගැනීමට ද තීරණය විය.
නියඟයේ අතුරු ඵලයක් වශයෙන් දැනට මාතර දිස්ත්‍රික්කයේ හෙක්ටයාර් එකොළහක වගා හානි සිදුවී ඇති අතර ඊට අදාළ තක්සේරු වාර්තා ලබාගෙන කඩිනමින් වන්දි ගෙවීම් සිදු කිරීමට තීරණය කෙරිණි. පුරන් කුඹුරු ඇතුළු වගා කළ හැකි සියලු ම ඉඩම්වල නියඟයට ඔරොත්තු දෙන භෝග වගා කිරීමට දකුණු පළාත් කෘෂිකර්ම අමාත්‍යංශය කටයුතු කරමින් පවතී.
දකුණු පළාත් කෘෂිකර්ම අමාත්‍ය යූ.ජී.ඩී. ආරියතිලක මහතා ඇතුළු දේශපාලන අධිකාරිය සහ මාතර දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් රත්නායක මහතා ප්‍රමුඛ රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් රැස්වීම සඳහා සහභාගි වී සිටියහ.