පවතින කාලගුණික තත්ත්වය තවදුරටත් පැවතිය හොත් මහනුවර දිස්ත්‍රික්ක තුළ පානීය ජල සැපයීම සීමා කිරීමට සිදුවිය හැකි බව ජල සම්පාදන සහ ජලාපවාහන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යධිකාරී කේ.පී.ආර්.එස්. සමරනායක මහතා පවසයි. එබැවින් දැනට ලබා දෙන පානීය ජලය අරපිරිමැස්මෙන් යුතුව පාවිච්චි කරන ලෙසද ඔහු මහනුවර ජනතාවගෙන් ඉල්ලීමක් කරන ලදී.
පවතින කාලගුණික තත්ත්වය මත පානීය ජලය ලබා දීම අභියෝගාත්මක කරුණක් බව පැවසූ නියෝජ්‍යො සාමාන්‍යාධිකාරීවරයා මේ වන විටත් බොහෝ ජල මූලාශ්‍ර සීඝ්‍රයෙන් සිඳී යමින් පවතින බව පැවසීය. දොලුව, ගලගෙදර වැනි ප්‍රදේශවලට මෙම තත්ත්වය බෙහෙවින් බලපෑ හැකි බව පැවසූ ඔහු මහනුවර පානීය ජල ගැටලුව විසඳීම සඳහා ජලය බොදා හැරීමේ බවුසර් සහ ට්‍රැක්ටර් සූදානම් කරගනිමින් පවතින බවද කමිටුව හමුවේ ප්‍රකාශ කරන ලදී. එබැවින් පළාත් පාලන ආයතන ඇතුළු රජයේ වෙනත් ආයතනවල තිබෙන ජලය ගෙන යා හැකි බවුසර් ලබා දී මේ කාර්ය සඳහා දායකත්වය ලබා දෙන ලෙසත් ඔහු කමිටුවට සහභාගී වූ අනිකුත් රජයේ ආයතනවලින් ඉල්ලා සිටින ලදී.
පානීය ජලයට අමතරව කෘෂිකාර්මික කටයුතු සම්බන්ධයෙන් උද්ගත විය හැකි ජල ගැටලු ව පිළිබඳ ව ද මෙහිදී අවධානය යොමු වූ අතර, දිස්ත්‍රික් කෘෂිකර්ම අංශය පෙන්වා දුන්නේ පවතින කාලගුණික තත්ත්වය හමුවේ මෙවර වී වගාව ඉලක්කගත ප්‍රමාණයෙන් 56% ක් දක්වා අඩු විය හැකි බවයි. ඊට විසදුමක් ලෙස වී වගාව කළ නොහැකි සෑම කුඹුරක ම අතිරේක බෝග වගා කිරීමට ද කමිටුව ඒකමතිකව තීරණය කළ අතර කුඹුරුවල පිහිටි වගා ළිං නැවත පිළිසකර කර දී ඒ මගින් ජලය ලබාදීම කෙරෙහිද සැලසුම් සකස් කළ යුතු බවට ද කමිටුවට අදහස් ඉදිරිපත් විය.
කමිටුවට ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් කමිටු සභාපති සමාජ සවිබල ගැන්වීම් සහ සුභ සාධන අමාත්‍ය එස්.බී දිසානායක මහතා පානීය ජල ගැටලු ව විසඳීමට අවශ්‍ය බවුසර් ජල සම්පාදන මණ්ඩලයට ලබා ගැනීමට අවශ්‍ය කටයුතු සළසා දෙන බවටත්, වගා ළිං පිළිසකර කිරීමට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන ලබා ගැනීමට ජනාධිපතිවරයා දැනුවත් කොට විශේෂ වැඩපිළිවෙළක් දියත් කරන බවත් ප්‍රකාශ කරන ලදී. වගා ළිං නැවත පිළිසකර කිරීමේදී සියලු ම ප්‍රාදේශීය ලේකම්වරු ඒ පිළිබඳ අවධානය යොමු කොට කඩිනමින් පිළිසකර කළයුතු වගා ළිං පිළිබද නිරීක්ෂණ සමග වාර්තාවක් ලබා දෙන ලෙසත් ඔහු උපදෙස් ලබා දෙන ලදී.
දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුවේ සම සභාපතිවරුන් වන මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ලකී ජයවර්ධන යන මැති ඇමතිවරු සහ මහනුවර දිස්ත්‍රික් ලේකම් එච්.එම්.පී. හිටිසේකර මහතා ඇතුළු රජයේ නිලධාරීන් රැසක් මෙම විශේෂ කමිටුව සඳහා සහභාගී වූහ.