මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික තෛපොංගල් උත්සවය හෙට

    ජනවාරි 14, 2017
    මෙවර ජාතික තෛපොංගල් උත්සවය හෙට (15)දා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් නුවරඑළිය සිනිසිටා ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතය. 
     
    සංස්කෘතික අංග රැසකින් සමන්විත ජාතික තෛපොංගල් උත්සවය අග්‍රාමාත්‍ය කාර්යාලය හින්දු කටයුතු අමාත්‍යාංශය හා කඳුරට නව ගම්මාන යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍යාංශය එක්ව මෙම උත්සවය සංවිධානය කරනු ලැබේ.
     
    හින්දු ජනයා විසින් සමරනු ලබන මෙම උත්සවය වසර 2000කට වඩා පැරණි වේ. සෞභාගය සහ ස්තුති කිරීම හා බැදී පවතින මෙම උත්සවයෙදී තම අස්වැන්න සරු විමට උපකාර කළ වර්ෂාව, සූර්යයා හා ගොවි සතුන්ට ස්තූති කිරීම සිදුකරයි.
     
    පොංගල් යන දමිළ වචනයේ අදහස වන්නේ "උතුරා යාම නැතිනම් පිටාර ගැලීමයි". මැටි කළයක කිරි උතුරා යාමට සැලැස්වීම අනාගත සෞභාග්‍යයේ සළකුණක් ලෙස හින්දු ජනතාව සලකයි. හින්දු භක්තිකයන් තම පළමු අස්වැන්න සූර්යයාට පුජා කිරීම මෙම සුර්ය මංගල දිනයේ දී සිදු කරනු ලැබේ.
     
    මෙම අවස්ථාවට බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, පුනරුත්තාපන, නැවත පදිංචිකිරීමේ හා හිංදු ආගමික කටයුතු අමාත්‍ය ඩි.එම්. ස්වාමිනාදන්, කදුරට නව ගම්මාන, යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍ය පලනි දිගම්බරන්, ජතික සහජිවන සබදතා රාජ්‍ය භාෂා අමාත්‍ය මනෝ ගානේෂන්, අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය රාධා ක්‍රිෂ්ණන් යන මහත්වරු ඇතුළු විශාල පිරිසක් සහභාගිවීමට නියමිතය.
     
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya