Print this page

රත්නපුර වැටලීම් වලින් 95 කට නඩු පැවරේ

ජනවාරි 12, 2017
 
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ රත්නපුර දිස්ත්‍රික් කාර්යාලය මගින් 2016 දෙසැම්බර් මාසයේ දී රත්නපුර දිස්ත්‍රික්කය තුළ සිදුකරන ලද වැටලීම්වලදි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ පනතේ විධිවිධාන උල්ලංඝනය කරමින් වෙළදාම් කිරිම සම්බන්ධයෙන් වෙළදසැල් හිමියන් 95 දෙනෙකුට එරෙහිව නඩු පැවරීමට කටයුතු කර තිබේ.
මෙම වැටලීම්වලදි මිළ දර්ශනය ප්‍රදර්ශනය නොකිරිම සම්බන්ධයෙන් නඩු 37 ක්ද,පාරිභෝගිකයන් නොමග යැවීම හා කල්ඉකුත් වු භාණ්ඩ අලෙවි කිරිම සහ ඒවා අලෙවිය සඳහා ප්‍රදර්ශනය කර තැබීම හා සදහන් මිළට වඩා වැඩි මිළට අලෙවි කිරිම පිළිබඳව නඩු 58 ක්ද පවරා ඇත.මිළ දර්ශනය ප්‍රදර්ශනය නොකිරිමේ නඩු 37 න් 30 ක්ම පාසල් නිල ඇඳුම් රෙදි මිළ ප්‍රදර්ශනය නොකර අලෙවි කිරිම පිළිබඳ පැවැරූ නඩුය.
 
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ රත්නපුර දිස්ත්‍රික් නිලධාරි පි.බී.ජනක ප්‍රසාද් මහතාගේ ප්‍රධානත්වයෙන් සංජය හේවාගම,ඉන්දික කන්දගේ,ගාමිණි වික්‍රමසිංහ,දමින්ද කුමාර,නිලාන් ජයතිලක යන විමර්ශන නිලධාරීහු මෙම වැටලීම් සිදු කළ බව රත්නපුර දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය පවසයි.  
 
පාරිභෝගික ජනතාව මුහුණදෙන ගැටළු අවම කිරිම උදෙසා රත්නපුර දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම මහත්මියගේ උපදෙස් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මඟින්  මෙම වැටලීම් සිදු කර ඇත.
 
AP/DMU-Ratnapura