මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආබාධ සහිත දරුවන් වෙනුවෙන් රජයේ සේවකයින්ගෙන් ශිෂ්‍යත්ව

    ජනවාරි 12, 2017
    ආබාධ සහිත දරුවන් වෙනුවෙන් හඳුන්වා දෙන රාජ්‍ය සේවක කැපකරු අධ්‍යාපන ශිෂ්‍යත්ව ප්‍රදාන උළෙල ජනවාරි 16 වැනි දින පෙ.ව.9.30 ට සමාජ සවිබල ගැන්වීමේ හා සුභ සාධන අමාත්‍ය එස්.බී. දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර උඩරට කලා සංගම් ශාලාවේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත. 
    ජාත්‍යන්තර ආබාධිත දින සැමරුම් වැඩසටහනට සමගාමීව සංවිධානය කොට ඇති මෙම ශිෂ්‍යත්ව ක්‍රමය "දිරියෙන් දිරියට රාජ්‍ය සේවක කැපකරු අධ්‍යාපන ශිෂ්‍යත්ව ප්‍රදානෝත්සවය" ලෙස නම් කොට තිබේ.  මහනුවර දිස්ත්‍රික්කයේ විවිධ ආබාධ සහිත දරුවන් 105 ක් වෙත ශිෂ්‍යත්ව පිරි නැමීමට නියමිත අතර, රජයේ සේවයේ නියුතු රාජ්‍ය නිලධාරීන්ගේ දායකත්වයෙන් මෙය පවත්වාගෙන යෑමට සැළසුම් කොට ඇත. මෙම ශිෂ්‍යත්ව ප්‍රදානය සඳහා මහනුවර දිස්ත්‍රික්කයේ සේවය කරන රජයේ නිලධාරීන් රැසක් දායකත්වය දක්වා තිබේ. 
     
    රජයේ නිලධාරීන්ගේ දායකත්වයෙන් පමණක් පවත්වාගෙන ශිෂ්‍යත්ව ප්‍රදානෝත්සවයක් මෙතෙක් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කොට නොමැති අතර, මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සමාජ සේවා අංශය මඟින් මෙය සංවිධානය කොට තිබේ.
     
    මහනුවර දිස්ත්‍රික්කයේ ජීවත්වන අඩු ආදායම්ලාභී පවුල්වල ආබාධ සහිත දරුවන්ට අත්වැලක් සැපයීමේ අරමුණින් මෙම ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ වැඩසටහන ක්‍රියාත්මකය. නියමු ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කෙරෙන ශිෂ්‍යත්ව ක්‍රමය ඉදිරියේදී ලංකාවේ සෑම දිස්ත්‍රික්කයකම ක්‍රියාත්මක කිරීමට නියමිතය.
     
    AP/DMU- Kandy
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya