ඵෙතිහාසික ඌව වෙල්ලස්සේ දී 1818 දී ජීවිත පූජා කළ විරුවන්ට පුෂ්පෝපහාර දැක්වීම මාතලේ අතිරේක දිසාපති ඉෂාන් විජේතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් මාතලේ කැප්පෙට්ටිපොල පිළිරුව අසලදී පැවැත්විණි. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යාන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවති උත්තමාභිවන්දනා මහෝත්සවයට සමගාමීව මෙම පුෂ්පෝහාරය දක්වනු ලැබීය. AP/DMU-Matale