කැලණිය "දුරුතු මහ පෙරහර" නැරඹීමට පැමිණෙන සැදැහැවතුන්ගේ ගමන් පහසුව පිණිස සහ කැලණිය විහාරය වන්දනා කරගැනීමට පැමිණෙන සැදැහැවතුන්ගේ පහසුව සඳහා පිට පළාත්වල සිට කැලණිය දුම්රිය ස්ථානය වෙතින් ගමන් කරන දුම්රියන් ( නගරාන්තර දුම්රියන් හැර) අද (10) සහ හෙට (11) දිනයන්හි කැලණිය දුම්රිය ස්ථානයේ නවත්වා ධාවනය කරනවා ඇත.
එමෙන් ම 12දා කැලණිය දුම්රිය ස්ථානය වෙතින් කොළඹ දක්වා ගමන් කරන දුම්රියන් කොළඹ සිට කැලණිය දුම්රිය ස්ථානය වෙතින් ගමන් කරන දුම්රියන් (නගරාන්තර දුම්රියන් හැර) කැලණිය දුම්රිය ස්ථානයේ නතර කර ධාවනය කරවීමට කටයුතු යොදා ඇත.
දුම්රිය සාමාන්‍යාධිකාරි බී.ඒ.පී. ආරියරත්න මහතාගේ උපදෙස් පරිදි මෙය ක්‍රියාත්මක කෙරේ.