කැප්පෙටිපොල දිසාව ප්‍රමුණ විරුවන් සැමරීම සදහා ජනාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් පවත්වන උත්තමාභිවන්දනා ජාතික සැමරුම් වැඩසටහනට සමගාමීව මහනුවර දිස්ත්‍රික්කයේ අද (10) පැවති සැමරුමට එක් වෙමින් මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිලූකා ඒකනායාක මහත්මිය මෙම අදහස් පළ කරන ලදී.
රට දැය වෙනුවෙන් තම ජීවිතය පුදකළ කැප්පෙටිපොල ඇතුළු පිරිස අධිරාජ්‍යවාදීන් විසින් දේශද්‍රෝහීන් බවට පත් කර වසර 198 ක් ගත වුවත් ඔවුන් වෙනුවෙන් සාධාරණය ඉටු කිරීම ගැන මෙරට කිසිදු රජයකට හෝ රාජ්‍ය නායකයකුට මතක් නොවූ බව පෙන්වා දුන් ආණ්ඩුකාරවරිය එම අවමානය නිවැරදි කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණය සමස්ථ ලාංකිකයන්ගේම අමන්දානන්දයට හේතු වන බවද පැවසීය.
මහනුවර ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රෙයේ පිහිටි කැප්පෙටිපොල ස්මාරකය ඉදිරියේ පැවති මෙම සැමරුමේදී ආණ්ඩුකාරවරිය ඇතුළු පිරිස පිළිරුවට පුෂ්පෝපහාර දක්වා විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක්ද පවත්වන ලදී. මහනුවර දිස්ත්‍රික් ලේකම් එච්.එම්.පී හිටිසේකර මහතාගේ සංවිධායකත්වයෙන් මෙම උළෙල පවත්වන ලදී.
AP/DMU-Kandy