ඒ මහතා මේ අදහස් පළ කළේ මාතර දිස්ත්රික්කයේ කිරින්ද - පුහුල්වැල්ල ප්රාදේශිය ලේකම් කොට්ඨාසය සඳහා පිහිටුවා ඇති සමථ මූල මණ්ඩලයේ ධූර හිස් කරනු ලැබූ සමථකාරවරුන් වෙනුවෙන් නව සමථකාරවරුන් පත් කිරීම සඳහාවු සමථ කිරීමේ දක්ෂතා සහ ශිල්පීය උපක්රම පිළිබඳව පසුගිය දා කිරින්ද -පුහුල්වැල්ල ප්රාදේශිය ලේකම් කාර්යාලීය ශ්රවණාගාරයේ දී පැවති පස් දින පුහුණු වැඩමුළුව අවසන් කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.
සමථකාරවරුන් වශයෙන් තෝරාගනු ලබන්නේ විවිධ ක්ෂේත්රවල රැකියාවල නියුතු වූ ප්රදේශයේ කීර්තිමත්, දැන උගත් පිරිසක් වන අතර සමථ මණ්ඩල පුහුණු වැඩමුළුවේ දී සිදුකරනු ලබන්නේ සමථ මණ්ඩල පනත ප්රකාරව ඔවුන් හා දැනුම හුවමාරු කර ගැනීමක් ය. සමථ කරුවන්ගේ කාර්යභාරය පිළිබඳව ලොකු ඇගයීමක් පවතී. සමාජීය හා සංස්කෘතික වශයෙන් පමණක් නොව ආර්ථික වශයෙන් ද රටේ ජනතාව බලගැන්වීම සඳහා සමථ ක්රියාවලිය ඉවහල් වන බව ප්රාදේශිය ලේකම්වරයා වැඩිදුරටත් පැවසී ය.
මාතර දිස්ත්රික් සමථ පුහුණු නිලධාරී කීර්ති ලියනගේ මහතා ද අදහස් දැක්වී ය. එහි දී ඔහු අවධාරණය කළේ සමථ ක්රියාවලිය සත්භාවයෙන් කරන කටයුත්තක් බවත් ලංකාවේ සමථ මණ්ඩලයට එන ආරවුල් විසඳීමට වැය කරන්නේ රුපියල් පහක් වැනි සුළු මුදලක් බවත් මේ වන විට ලක්ෂ විස්සකට අධික ආරවුල් සමථ මණ්ඩල මගින් සමථකරණය කර ඇති බවත් ය.
සමථ මණ්ඩල කොමිෂන් සභාවේ මෙහෙයවීමෙන් හා කිරින්ද - පුහුල්වැල්ල ප්රාදේශිය ලේකම් කාර්යාලයේ දායකත්වයෙන් පැවති මෙම වැඩමුළුව සඳහා
කිරින්ද - පුහුල්වැල්ල ප්රාදේශිය ලේකම් කොට්ඨාසයේ සමථ මූල මණ්ඩලය වෙනුවෙන් 40 ට ආසන්න පිරිසක් සහභාගි වී සිටියහ.
AP/DMU-Matara