ඒ අනුව අරණායක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අධි අවදානම් පවුල් 571 ක් දැනට හඳුනාගෙන ඇති අතර ඉන් 216 දෙනෙකු සඳහා නිවාස මේ වන විටත් ඉදිකරමින් පවතී. එයින් චීන රජයේ ආධාර ඇතිව නිවාස 100 ක් හා ආයතන කිහිපයක් එකතුව නිවාස 40 ක් ඉදිකෙරෙන අතර එම නව නිවාස ඉදිකිරීමේ කටයුතු ජනවාරි 16 දින ආරම්භ කිරීමට නියමිතව ඇත.
අවතැන් කඳවුරු වල සිටින පවුල් සඳහා අරණායක, කළුගල ප්‍රදේශයෙන් ඉඩම් කැබලි 76 ක්, හබලක්කාව ප්‍රදේශයෙන් ඉඩම් කැබලි 47 ක් මේ වන විට ලබා දී ඇති අතර අවතැන් පිරිස් සඳහා පදිංචියට සුදුසු නව ඉඩම් හඳුනාගැනීම ද කඩිනමින් සිදුකෙරෙන බව ප්‍රාදේශීය ලේකම්වරයා සඳහන් කරයි.
එමෙන්ම ස්වකැමැත්තෙන් ඉඩම් මිලදී ගන්නට පවුල් 121 ක් ඉල්ලීම් කර ඇති අතර ඉන් 90 දෙනෙකුගේ ඉඩම් ස්ථාන පරීක්ෂාවකින් පසු පදිංචියට සුදුසු බව තහවුරු කොට ඇත. එයින් 41 දෙනෙක් සඳහා ලක්ෂ 4 ක මුදලක් ලබා දී ඇත. එමෙන්ම තමන් විසින්ම නිවාස ඉදිකරන පුද්ගලයින් සඳහා පමණත් රු. 40,000 ක අත්තිකාරම් මුදලක් ලබා දී ඇති අතර එම ඉදිකිරීමේ කටයුතු සඳහා අදියරෙන් අදියරට රු. ලක්ෂ 12 දක්වා ලබා දීමට රජය තීරණය කොට ඇතැයි අරණායක ප්‍රා දේශීය ලේකම් ඉසඩ්.එම් ෆයිසාල් මහතා වැඩිදුරටත් සඳහන් කරයි.
AP