මෙහි දී මතින් නිදහස් රටක් ජාතික වැඩසටහනට සමගාමීව විශ්ව විද්‍යාල සිසුන් පෙළගැස්වීම පිළිබඳ වූ විශේෂ දේශනය මත්ද්‍රව්‍ය නිවාරණ ජනාධිපති කාර්ය සාධන බලකායේ එච්.එම්. තිලකරත්න මහතා විසින් පවත්වන ලදි.
රුහුණ විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය උපදේශක මහාචාර්ය සමන් චන්දන එදිරිවීර මහතා මත්ද්‍රව්‍ය හා තරුණයා මැයෙන් දේශනයක් සිදු කළ අතර විශ්ව විද්‍යාල අධ්‍යයන කටයුතු හා විශ්ව විද්‍යාල සමාජ ජීවිතය සම්බන්ධව සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ පාලක සභා සාමාජික විශේෂඥ වෛද්‍ය එල්.ඒ.ඩබ්.සිරිසේන මහතා විසින් දැනුම්වත් කෙරිණි. මාතර මහ රෝහලේ ලිංගාශ්‍රිත රෝග ඒකකයේ ස්ථානභාර වෛද්‍ය ගයනි නානායක්කාර මහත්මය ලිංගික ඇසුර ආශ්‍රිත රෝග පිළිබඳ දේශනය සිදු කළා ය.
මෙම වැඩමුළුව සඳහා මාතර දිස්ත්‍රික්කයෙන් දිවයිනේ විවිධ විශ්ව විද්‍යාල වලට තේරීපත් වූ සිසු සිසුවියන් 500 ට අධික පිරිසක් සහභාගි වී සිටියහ.
ජනාධිපති කාර්යාලය, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සහ මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය එක්ව මෙම මත්ද්‍රව්‍ය නිවාරණ වැඩමුළුව සංවිධානය කර ඇත.
AP/DMU-Matara