නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගම්පහ සංවර්ධන ව්‍යාපෘති 3,966 ක් ක්‍රියාත්මකයි

    ජනවාරි 09, 2017
    2016 දී  ගම්පහ දිස්ත්‍රික්කය තුළ රුපියල් මිලියන 2,502ක්  යටතේ සංවර්ධන ප්‍රගතිය 97% ක් පෙන්නුම් කරමින් ව්‍යාපෘති 3,966 ක් ක්‍රියාත්මක කළ බවත් රජයේ දැඩි ප්‍රසම්පාදන ක්‍රියාවලිය මත ඉන් රුපියල් ලක්ෂ 800ක මුදලක් ඉතුරු වු බවත් ගම්පහ දිස්ත්‍රික් ලේකම් සුනිල් ජයලත් මහතා පැවසීය.
    ගම්පහ දිස්ත්‍රික්කයේ සංවර්ධන ප්‍රගතිය මාධ්‍යයට පැහැදිළි කිරීම සඳහා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අද ( 09 ) පැවති රැස්වීමේදී දිස්ත්‍රික් ලේකම්වරයා මෙසේ පැවසීය. 
     
    මෙම රැස්වීම ගම්පහ දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සම සභාපති අජිත් මාන්නප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් සහ දිසාපති සුනිල් ජයලත් මහතාගේ මෙහෙයවීම යටතේ පැවැත්විණි.
     
    දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 13 හි මෙලෙස සංවර්ධනයක් සිදුව ඇති අන්දම ඒ ඒ ප්‍රාදේශීය ලේකම්වරුන් විසින් පැහැදිළි කරන ලදී. 
     
    මෙහිදී සම සභාපති අජිත් මාන්නප්පෙරුම අදහස් දක්වමින් ජනතා මුදලින් නිසි ප්‍රයෝජනයක් ගැනීමට යහපාලන රජය යටතේ මෙවර හැකි වු බවත් මෙවර ප්‍රසම්පාදන ක්‍රියාවලිය මත කොන්ත්‍රාත්කරුවන් හදුනා ගනිමින් ක්‍රියාත්මක වීම මත ජනතා මුදල් ගසා කෑමකට ලක් නොවු බවත් පැවසීය.
     
    මෙම අවස්ථාවට අතිරේක දිසාපති අනුර පියබන්දු, දිස්ත්‍රික් සැලසුම් අධ්‍යක්ෂිකා කුමුදු විතානයන මහත්ම මහත්මීන්  ඇතුලු නිලධාරීහු එක්ව සිටියහ.
     
    AP/DMU-Gampaha

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya