මේ පිළිබඳව විශේෂ සාකච්ඡාවක් අද ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවත්විණි.
මේ වන විට දිස්ත්‍රික්කයේ හදුනාගත් හැදුනුම්පත් ලාභීන් 1,500 ක් වෙනුවෙන් හැදුනුම්පත් ලබා දීමේ කටයුතු සිදු වෙමින් පවතින් බවත්, 21,000 ක් උප්පැන්න සහතික ලබා දීමටත්, 1,500 ක් දෙනෙකු වෙත ඉඩම් හිමිකම් ප්රදානය කිරීමත් එදින සිදු වන බව අමාත්‍යවරයා පැවසීය.
එමෙන්ම ජනාධිපතිතුමන් වෙතින් දිස්ත්‍රික්කයේ සියළුම ආගමික මධ්‍යස්ථාන වෙත, ස්ථාවර බැංකු ගිණුම් ආරම්භ කොට ප්රදානය කිරීමට සිදුවන බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
මෙම සාකච්ඡාව සඳහා ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් නීල්ද අල්විස් මහතා ප්රමුඛ දිස්ත්‍රික් ලේකම් එස් ටී කොඩිකාර මහතා ඇතුළුව දිස්ත්‍රික්කයේ සියළුම ආයතන ප්‍රධානීන් රැසක් එක්ව සිටියහ.
AP/DMU-Galle