නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රත්නපුර ප්‍රාදේශීය සභාව ගිලීමලේන් රත්නපුර නව නගරයට

    ජනවාරි 05, 2017
    රත්නපුර ප්‍රාදේශීය සභාව රත්නපුර නව නගරය ආශ්‍රිතව ස්ථාපිත කිරිම පසුගියදා සිදුවිය. ගිලීමලේ ජන සභාව 1988 වර්ෂයේ සිට රත්නපුර ප්‍රාදේශීය සභාව ලෙස ක්‍රියාත්මක වේ.
     
    සබරගමුව පළාත් සභාවේ පළාත් පාලන අමාත්‍යාංශය යටතේ පවතින ප්‍රාදේශීය සභා 25 අතර රත්නපුර ප්‍රාදේශීය සභාව ද වේ.
     
    මෙතෙක් රත්නපුර ප්‍රාදේශීය සභාව පවත්වාගෙන ගිය ගිලීමලේ ප්‍රදේශයේ රත්නපුර වේවැල්වත්ත මාර්ගයේ අති දුෂ්කර ප්‍රදේශයක පිහිටා ඇත.
     
    රත්නපුර මැතිවරණ කොට්ඨාසයේ ග්‍රාමසේවා වසම් 17ක් සහ පැල්මඩුල්ල මැතිවරණ කොට්ඨාසයේ ග්‍රාමසේවා වසම් 15 ආවරණය වන පරිදි රත්නපුර ප්‍රාදේශීය බල ප්‍රදේශය පැතිරී ඇත. මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන රජය මගින් ක්‍රියාත්මක පුර නැගුම ව්‍යාපෘතිය යටතේ රුපියල් ලක්ෂ 500ක් වැය කර රත්නපුර ප්‍රාදේශීය බල ප්‍රදේශයේ වෙසෙන ලක්ෂ 52 පමණ වූ ප්‍රජාවට පහසුවෙන් ලගාවීම සඳහා රත්නපුර නව නගරයේ නාගරික සංවර්ධන අධිකාරිය සතු භූමි භාගයක නව කාර්යාල පරිශ්‍රය ඉදි කර ඇත.
     
    කෙසේ වෙතත් පැල්මඩුල්ල මැතිවරණ කොට්ඨාසයේ වෙසෙන රත්නපුර ප්‍රාදේශීය සභා සේවාවන් ලබා ගන්නා ප්‍රජාව වෙනුවෙන් ගිලීමලේ ප්‍රාදේශීය සභාව උප කාර්යාලයක් ලෙස තවදුරටත් පවත්වාගෙන යාමට සබරගමුව පළාත් සභාව ක්‍රියාත්මක කර ඇත.
     
    මෙම අවස්ථාවට පළාත් ප්‍රධාන අමාත්‍ය මහීපාල හේරත්, පළාත් සභා අමාත්‍යවරුන් වන රංජිත් බණ්ඩාර, අතුල කුමාර රාහුබද්ධ, පළාත් සභා මන්ත්‍රීවරුන් වන ප්‍රභාත් අල්විස්, යෙහියා එම්. ඉෆ්ලාර් සහ දීපාල් ගුණසේකර යන මහත්වරුන් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya