නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    e- Slim යටතේ කෑගල්ලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලට ටැබ් පරිගණක

    ජනවාරි 05, 2017
    රජයේ ඉඩම් තොරතුරු කළමනාකරණ පද්ධතිය හෙවත් e-slim ව්‍යාපෘතියට සමගාමීව ඉඩම් කටයුතු කාර්යක්ෂම කිරීමේ අරමුණින් යුතුව ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුව මගින් කෑගල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලට ටැබ් පරිගණක ලබා දීමේ වැඩසටහනක් පසුගියදා ක්‍රියාත්මක කෙරිණි. 
    ඒ අනුව කෑගල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල 11 සඳහා ටැබ් පරිගණක ලබා දීම සිදුකෙරිණි. මේ පිළිබඳව අදහස් දැක්වූ කෑගල්ල අතිරේක දිස්ත්‍රික් ලේකම් රුක්මණී ආරියරත්න මහත්මිය පැවසූයේ කෑගල්ලේ ජනපද 539 ක් තිබෙන බවත් එහි ඉඩම් කට්ටි     25,000 කට ආසන්න ප්‍රමාණයක් තිබෙන බවත් ය. 
     
    මෙම  e-slim ව්‍යාපෘතිය යටතේ සියළුම ඉඩම් ඉලෙක්ට්‍රෝන ගත කිරීමත් ඒ තුළින් කඩිනමින් බලපත්‍ර හා ඔප්පු ලබාදීම ද පහසු වේ. 
     
    මෙම ටැබ් පරිගණක ලබා දීම කෑගල්ල දිස්ත්‍රික් ලේකම් ඩබ්ලිව්.එම්.අබේවික්‍රම වනසූරිය මහතා අතින් සිදු කෙරිණි.
     
    මෙම අවස්ථාවට කෑගල්ල අතිරේක දිස්ත්‍රික් ලේකම් ප්‍රභාත් උදාකාර , කෑගල්ල සහකාර ඉඩම් කොමසාරිස් කේ. කිනිවිට මහතා ද, කෑගලු දිස්ත්‍රික් සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.
     
    AP/DMU-Kegalle
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya