නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කෑගල්ලේ වෙළඳුන් 930 ක් නීතියේ හමුවට

    ජනවාරි 05, 2017
    2016 වර්ෂයේ දී පාරිභෝගික අයිතීන් කඩකරමින් වෙළදාම් කරනු ලැබූ කෑගලු දිස්ත්‍රික්කයේ වෙළදුන් 930 ක් නීතිය හමුවට පමුණුවා ඇති බවට පාරිභෝගික කටයුතු අධිකාරියේ කෑගල්ල දිස්ත්‍රික් කාර්යාලය සදහන් කරයි. 
    කල් ඉකුත්වූ ද්‍රව්‍ය විකිණීම, මිල ප්‍රදර්ශනය නොකිරීම, සදහන් මිලට වඩා වැඩි මිලට භාණ්ඩ විකිණීම, කල් ඉකුත් වූ පැණි බීම වර්ග විකිණීම, විදුලි උපකරණ වලට වගකීම් සහතික නිකුත් නොකිරීම ආදි වරදවල් යටතේ ඉහත වෙළඳුන්ට නඩු පවරා ඇත. 
     
    ඉහත වැරදි කරන ලද වෙළෙඳුන්ට නඩු පැවරීම තුළින් තිස්හත් ලක්ෂ පනස් දහසක මුදලක් දඩ වශයෙන් ලැබී ඇත.
     
    AP/DMU-Kegalle
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya