නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාතලේ ඩෙංගු මදුරුවන් බෝවන කලාප 300ක්

    ජනවාරි 04, 2017

    ඩෙංගු මදුරුවන් බෝවෙන ස්ථාන පවත්වා ගෙන යන රාජ්‍ය හා පෞද්ගලික ආයතන ප්‍රධානින්ට එරෙහිව නිතිය ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බව මාතලේ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ඒ.බි.විජේකෝන් මහතා පවසයි .

    ඒ මහතා ප්‍රකාශ කළේ මේ වන විට ඩෙංගු මදුරුවන් බෝවෙන කලාප 300 ක් පමණ දිස්ත්‍රික්කය තුළින් හදුනා ගෙන ඇති බවයි.

    මෙම ස්ථානවලට රාජ්‍ය හා පෞද්ගලික ආයතන කීපයක්ද ඇතුලත්වන බව පෙන්වා දුන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා ආයතන පරිශ්‍ර පවිත්‍ර කර ගැනීමට දින 14 ක කාලයක් ලබාදී ඇති බැවින් එම අවස්ථාව පැහැර හරින්නේ නම් එම නිලධාරින්ට වුවද නිතිය ක්‍රියාත්මක කිරීමට සිදුවනු ඇතැයි පැවසීය .

    මේ වනවිට දිස්ත්‍රික්කය තුළ ප්‍රදේශ කීපයක ඩෙංගු රෝගය පැතිර යන බැවින් රෝග ව්‍යාප්තිය පාලනය සඳහා නිතිය දැඩිව ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව ඇති බවද විජේකෝන් මහතා වැඩිදුරටත් පෙන්වා දෙයි . 

     

    DMU_ Mathale

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya