නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රාජ්‍ය සේවයේ නිලධාරින් කුලක වශයෙන් වෙන් වී වැඩ නො කළ යුතුයි - මාතලේ දිස්ත්‍රික් ලේකම්

    ජනවාරි 03, 2017
    රාජ්‍ය සේවයේ නිලධාරින් පරිපාලන , ගණකාධිකරණ, තාක්ෂණ සේවය හා  මිනින්දෝරු සේවයේ නිලධාරින් වශයෙන් කුලක හදා ගන කටයුතු නොකළ යුතු බවත් සියලු නිලධාරින් කණ්ඩායමක් ලෙස එක්ව කටයුතු කළ යුතු බවත් මාතලේ දිස්ත්‍රික් ලේකම් ඩි.පී.ජි. කුමාරසිරි මහතා පැවසීය.  
    දිස්ත්‍රික් ලේකම්වරයා මෙම අදහස් ප්‍රකාශ කළේ නව වසර උදාව නිමිත්තෙන් සමස්ථ කාර්ය මණ්ඩලය අමතමිනි.
     
    මෙහිදී සර්ව ආගමික ආශිර්වාද වැඩසටහනක්ද පැවැත්වුණූ අතර සියම් නිකායේ මල්වතු පාර්ශ්වයේ මාතලේ දිසාවේ ප්‍රධාන සංඝනායක ශ්‍රි සුර්මෝධය විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය කොටුවේ ගෙදර විමල ධම්ම නායක ස්වාමින් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය සෙත් පිරිත් සඡ්ගායනයක් සිදු කරන ලදි. 
     
    දිස්ත්‍රික් ලේකම්වරයා වැඩි දුරටත් කියා සිටියේ අපි විතරයි වැඩ කරන්නේ යැයි කිසි විටකත් නොසිතිය යුතු අතර මේ ඉන්න ටික කාලයට  තරග මොකට දැයි ප්‍රශ්න කළ දිස්ත්‍රික් ලේකම්වරයා නිදහස් අධ්‍යාපනයෙන් රාජ්‍ය සේවයේ ඉහල තනතුරුවලට පැමිණ ඇති බෝහෝ දෙනා තමා මෙන්ම රිදී හැන්ද කටේ නොගැසු දුප්පත් පැලැන්තියේ දරුවන් යැයි පැවසීය. නිදහස් අධ්‍යපනයෙන් ප්‍රයෝජන නොගන්නා අයට දඩුවම් කළයුතු යැයි පැවසූ කුමාරසිරි මහතා ඉකුත් වසරේ සංවර්ධන හා රාජකාරි කටයුතු උදෙසා දේශපාලන අධිකාරියෙන් ලැබුණූ සහාය අගය කළේය.
     
    AP/DMU-Matale
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya