2016 වසරේ මහා භාණ්ඩාගාරයෙන් නිවාස හා ඉදිකිරීම් අමාත්‍යංශය වෙත වෙන්කළ ප්‍රතිපාදනවලින් 100%ක් ම රටේ ජනතාවගේ නිවාස ප්‍රශ්නය විසඳීම සඳහා යොදා ගත් බව මහත් අභිමානයෙන් යුතු ව ප්‍රකාශ කරන බව නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
2017 වසරේ දී ද මෙම කාර්ය භාරය දෙගුණ තෙගුණ කරමින් රටේ ජනතාවට තිරසාර සෙවණක් නිවසක උරුමය ලබාදෙන්නට තම අමාත්‍යංශය සූදානම් බවත් නිවාස හා ඉදිකිරීම් අමාත්‍යංශයේ අවසන් ඉලක්කය වන්නේ වසර 2025 වන විට සැමට සෙවණ උදා කරදීමට බවද අමාත්‍යවරයා කීය.
2017 වසරේ දී උදා ගම්මාන 500ක් ඉදිකිරීමට කටයුතු කරන බවත් පෙන්වාදුන් අමාත්‍යවරයා ජනවාරි මාසයේ දී පමණක් නව උදා ගම්මාන 140ක වැඩ ආරම්භ කරන බවත් වැඩිදුරටත් පැවසීය.