නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ධීවර අමාත්‍යාංශයේ අයිතිය තිබෙන්නේ නිලධාරීන්ට නොව, ධීවර ප්‍රජාවටයි

    ජනවාරි 02, 2017
    ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ අයිතිය තිබෙන්නේ නිලධාරීන්ට නොව, ධීවර ප්‍රජාවට බව, සෑම රාජ්‍ය සේවකයෙක්ම සිතේ තබා ගත යුතු බවත් ගැටලු විසඳා ගැනීමට අමාත්‍යාංශයට එන ධීවර ප්‍රජාව සතුටු කළ හැකි පිළිතුරක් ලබා දී, ඔවුන්ගේ ගැටළු විසඳීමට 2017 වසරේ සිහියේ තබා ගත යුතු යැයි, ධීවර හා ජලජසම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
     
    2017 උදා වූ නව වසරේ රාජකාරී ඇරඹීමේ උත්සවයක් ඊයේ (02) ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ දී පැවැත්විණි. අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම වැඩසටහනට අමාත්‍යාංශ ලේකම් මංගලිකා අදිකාරී මහත්මිය ඇතුළු නිලධාරීන් විශාල පිරිසක් සහභාගි වූහ.
     
    "ධීවර අමාත්‍යාංශය වෙත සේවාවන් ලබා ගැනීම සඳහා පැමිණෙන ධීවර ප්‍රජාව නිසා තමයි මේ අමාත්‍යාංශය තිබෙන්නේ. ධීවර ප්‍රජාව තමන් කරන රැකියාව අතහැර දැම්මොත්, මේ අමාත්‍යාංශය වැඩකුත් නැහැ. නිලධාරීන්ගෙන් ඇති වැඩකුත් 
    නැහැ. සමහර වෙලාවට මම දකිනවා අපේ සමහර සේවකයෝ කටයුතු කරන ආකාරය" යැයි ද පැවසීය. 
     
    රාජ්‍ය සේවකයින් නීතිය අනුව, විශ්‍රාම යනවා. තමන්ගේ රාජකාරී කටයුතු නිවැරදිව ඉටු කළහොත් ඔහුට නියමිත කාළය අවසන් වන තෙක් සේවය කළ හැකි නමුත්, දේශපාලනඥයින් විශ්‍රාම ගන්නේ කවදාද කියන කාරණාව පිළිබඳ තීරණය කරන්නේ දේශපාලනඥයා නොවන බවත් ඒක තීරණය කරන්නේ මහ ජනතාව බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya