නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනතාවට සේවය කිරීම රාජ්‍ය සේවකයාගේ පරම යුතුකමයි - කෑගල්ල දිස්ත්‍රික් ලේකම්

    ජනවාරි 02, 2017
    රාජ්‍ය සේවකයාගේ පරම යුතුකම ජනතාවට සේවය කිරීම බව කෑගල්ල දිස්ත්‍රික් ලේකම් අබේවික්‍රම වනසූරිය මහතා සදහන් කරයි.
    2017 වර්ෂයේ ප්‍රථම රාජකාරී දිනය වෙනුවෙන් කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති නිලධාරී හමුවේ දී ඒ මහතා මෙම අදහස් දැක්වීය. 
     
    ‘‘ රාජ්‍ය සේවකයන් ලෙස අප අප වෙනුවෙන් නොව රට ,ජාතිය,ආගම හා ජනතාව වෙනුවෙන් නිරන්තරයෙන් පෙනී සිටිය යුතුයි. අප වැටුප් ලබන්නේ මහජන මුදලිනි. රට සීග්‍රයෙන් සංවර්ධනය කරා යොමුව ඇති මෙවන යුගයක එයට අනූගාමීව සහය දැක්වීම සෑම දෙනාගේම වගකීමක් බවද දිස්ත්‍රික් ලේකම් අබේවික්‍රම වනසූරිය මහතා වැඩිදුරටත් පැවසීය.
     
    මේ අවස්ථාවට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ කාර්ය මණ්ඩලයේ සියලු දෙනාම සහභාගී වූහ.
     
    AP/DMU-Kegalle 
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya