මතුගම කටුගහහේන ප්‍රාදේශීය රෝහලේ නව ජල සම්පාදන ව්‍යාපෘතිය ඊයේ (31) පෙරවරුවේ විවෘත කරමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකා නාවික හමුදාවේ ප්‍රජා සත්කාරක වැඩසටහනක් යටතේ රුපියල් ලක්ෂ 13 1/2 වැය කරමින් මෙම පානීය ජල ව්‍යාපෘතිය ඉදිකර ඇත.
"රජය වැටෙයි කියා ඇතැමුන් ප්‍රකාශ කරනවා. රජය සෙලවීමට ඇතැමුන් උත්සාහ දරනවා. ඒවා සිහින විතරයි. යහපාලන රජය තවදුරටත් ඉදිරියට ක්‍රියාත්මක කරන බව මම ප්‍රකාශ කරනවා. ජනාධිපතිවරයාත් ආග්‍රාමාත්‍යවරයාත් මනා දුර දැක්මෙන් යුතුව කටයුතු කරනවා. අපේ රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක නයි මුගට් වෛරයෙන් කටයුතු කළේ. එම නයි මුගටි වෛරය ඇතැම් දේශපාලනඥයින්ගේ සිත තුළ තවමත් හොල්මන් කරනවා. හැබැයි පරිණත ඡ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් රජය ආරක්ෂා කර ගැනීමට අඛණ්ඩව කටයුතු කරනවා. ජනවාරි 08 විප්ලවය රුපියල් සතවලින් මනින්න එපා. අද ජීවත්වීමේ නිදහස උදාකර දී තිබෙනවා. කිසියම් දෙයක් වැරදුනාම බනින එක නොවෙයි කරන්න තිබෙන්නේ. අපේ රටේ සිටි රාජ්‍ය නායකයින් ව්‍යවස්ථා සංශෝධන මගින් තම බලතල වැඩි කර ගත්තා. නමුත් වත්මන් ජනාධිපතිවරයා තම බලතල අඩු කර ගන්නවා. ඉදිරියේ දී නව ව්‍යවස්ථාවෙන් ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට ජනාධිපතිවරයා කටයුතු කරනවා. අපි ජිවිත පරදුවට තබා නව රජය බිහි කළා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පරාජය වෙයි කියා කවුරුත් හීනෙකින්වත් හිතුවේ නැහැ. තරුණ පරම්පරාව දේශපාලනඥයින් විවේචනය කරන යුගය අවසන් කරනවා” යැයි ද කීය
මෙම අවස්ථාවට නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම, පළාත් සභා මන්ත්‍රී ජගත් විතාන, ශ්‍රී ලංකා නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න, කළුතර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය උදය රත්නායක, කටුගහහේන ප්‍රාදේශීය රෝහලේ වෛද්‍ය නිලධාරි රංජිත් දිසානායක මහත්වරු ඇතුලු කාර්ය මණ්ඩලය, ගම්වාසින් මෙම අවස්ථාවට එක්ව සිටියහ.