එම පාසැල් පද්ධති සියල්ල සම්බන්ධ කරගනිමින් ඵල සපිරි පාසැල් තරගාවලිය සබරගමුව පළාත් සභාව මගින් 2011 වර්ෂයේ සිට ක්‍රියාත්මක කර ඇත.මේ සඳහා නිර්ණායක දහයක් භාජනයට ගෙන ඇත.
සාමාන්‍ය, පිරියත, පන්ති, මානව සම්පත්, විෂය මාලා කලමනාකරණය, විෂය සමගාමී ක්‍රියාකාරකම්, ශිෂ්‍ය සාධනය, සුබ සාධනය හා මාර්ගෝපදේශනය, සාරධර්ම සංවර්ධනය සහ ඵලදායිතා සංකල්ප භාවිතය යන නිර්ණායක යටතේ සබරගමුව පළාත් පාසැල් ඇගයීම සිදුවිය.
මෙම පාසැල් ඇගයීමේ යටතේ ස්වර්ණ සම්මානය තෙවරක් ලබාගත් පාසැල් සදහා පමණක් ප්‍රදානය කරන වජ්‍ර සම්මානයන්හි ප්‍රථම ස්ථාන රත්නපුර සීවලී මධ්‍ය මහා විද්‍යාලයට සහ රඹුක්කන මොලගොඩ ප්‍රාථමික විද්‍යාලයට ද,දෙවන ස්ථානය වරකාපොල අල්ගම මැදගම ආදර්ශ විද්‍යාලයට ද තෙවන ස්ථානය කුරුවිට හිග්ගස්වත්ත ප්‍රාථමික විද්‍යාලයට මෙවර හිමි විය.
ස්වර්ණ සම්මාන ප්‍රථම ස්ථාන ගොඩකවෙල රාහුල ප්‍රාථමික විද්‍යාලය, ගොඩකවෙල ශාන්ත අන්තෝනි විද්‍යාලය, මාවනැල්ල මදීනා මහා විද්‍යාලය සහ කෑගල්ල හෙට්ටිමුල්ල බණ්ඩාරනායක මහා විද්‍යාලය යන විද්‍යාල විසින් දිනාගනු ලැබීය. ස්වර්ණ සම්මාන දෙවන ස්ථාන අරණායක මාලිගාතැන්න ප්‍රාථමික විද්‍යාලය, මාවනැල්ල කහවන්දල කණිෂ්ඨ විද්‍යාලය, මාවනැල්ල තල්ගස්පිටිය මුස්ලිම් මහ විද්‍යාලය සහ නිවිතිගල හවුපේ නාවලකන්ද යන විද්‍යාල විසින් දිනාගනු ලැබීය. ස්වර්ණ සම්මාන තෙවන ස්ථාන ගලිගමුව වලගම රෝමානු කතෝලික ප්‍රාථමික විද්‍යාලය, රත්නපුර ජේසු බිළින්දාගේ කන්‍යාරාම ජාතික පාසල සහ ඇහැලියගොඩ ධර්මපාල මහා විද්‍යාලය යන විද්‍යාල විසින් හිමිකරනු ලැබීය.
මෙම අවස්ථාවට සබරගමුව පළාත් ප්‍රධාන අමාත්‍ය මහීපාල හේරත්, පළාත් සභා මන්ත්‍රී රම්‍ය කුමාර වීරසිංහ, ප්‍රධාන ලේකම් හේරත් පී. කුලරත්න, අධ්‍යාපන ලේකම් මහින්ද එස්. වීරසුරිය සහ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ එස්. කුරුප්පුආරච්චි යන මහත්වරුන් එක්ව සිටියහ.