මෙම රැකියා පොළට දිස්ත්‍රික්කයේ රැකියා විරහිත තරුණ තරුණියන්ට නව රැකියා අවස්ථා උදාකරදීම අරමුණු කර ගනිමින් රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ආයතන 50 පමණ නියෝජනයක් පැවතීම සුවිශේෂී තත්වයකි . ඒ අතර ත්‍රිවිධ හමුදාවේ පවතින පුරප්පාඩු සදහා සුදුස්සන් තෝරාගැනීමද , සෙසු රාජ්‍ය ආයතන වල දැනට පවතින පුරප්පාඩු වෙනුවෙන් සුදුස්සන් තෝරාගැනීම මෙන්ම පෞද්ගලික අංශයේ දැනට පවතින පුරප්පාඩු වෙනුවෙන්ද අවස්ථා විවර කරදීම මෙහි අරමුණය. ඊට අමතරව වෘත්තීය පුහුණු අවස්ථා උදාකරදී හම්බන්තොට දිස්ත්‍රික්කයේ තරුණ , තරුණියන්ට නව අධ්‍යාපන පාඨමාලා වලට අවතීර්ණ වීමට පහසුකම් සැලසීමද මෙහිදී සිදුකෙරිණ .
මෙහිදී අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා “ අපේ රජය රටත් ජනතාවත් ණය උගුලෙන් මුදා ගැනීම සදහා දැවැන්ත වැඩ කොටසක් ඉටුකරමින් යනවා. මේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ වගේම රටේ තරුණ , තරුණියන් විරැකියාවට තිරසාර විසදුමක් ගෙන ඒමට ජනාධිපතිවරයා හා අග්‍රාමාත්‍යවරයා ඇතුළු රජයට හැකිවී තියෙනවා . අපි ආණ්ඩුවක් විදිහට තීරණය කරලා තියෙන්නේ රට ණය උගුලෙන් බේරාගැනීමට වගේම , රැකියා ගැටළුවට විසදුම් ලෙසත් විදෙස් ආයෝජන රටට ගේන්න. එහිදී මෙරට ඉදිකෙරෙන කර්මාන්ත ශාලා වෙනුවෙන් ඉඩම් ලබා දෙනවා. මේ කර්මාන්ත ඉදිවීමත් සමග අපේ දුවට ,පුතාට, සහෝදරයාට,සහෝදරියට වගේම නංගිට, මල්ලිට රැකියා ලැබෙනවා . මෙය දැනට පවතින රැකියා ගැටළුවට හොද පිලියමක්.” යයි පැවසීය.
AP