ඒ අනුව හෙට බඩල්කුඹුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී පවුල් රැසකට දියර ඉසින යන්ත්‍ර, ජල ටැංකි, ජල මෝටර්, විදුලි ජනක යන්ත්‍ර, පුටු ඇතුළු උපකරණ ලබාදීමට නියමිතව ඇත.
අනිද්දා සියඹලාණ්ඩුව ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේදී මෙන් ම මොණරාගල ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේදී මේ ආකාරයෙන් උපකරණ රැසක් එම ප්‍රදේශවල පවුල් වෙත ලබාදීමට නියමිතය.
රුපියල් ලක්ෂ 18ක වටිනාකමකින් යුත් මෙම උපකරණ ලබාදෙන්නේ නියෝජ්‍ය ඇමතිනී සුමේධා ජී. ජයසේන මහත්මියට 2016 වසර වෙනුවෙන් ලැබුණු විමධ්‍යගත ප්‍රතිපාදනවලිනි.
පළාත්සභා, පළාත් පාලන ආයතන නියෝජනය කරමින් දේශපාලඥයින්, නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවලට සහභාගිවිමට නියමිතය.