කළුතර තිනියාවල ග්‍රාමීය රෝහලේ නව හදිසි ප්‍රතිකාර ඒකකයේ ඉදිකිරීම් සඳහා මුල්ගල් තැබීමේ අවස්ථාවට අද (25) එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
"දුම්කොල සඳහා බදු වැඩි කිරීමට තීරණය කරන කොට කැබිනට් මණ්ඩලයේ ඇතැම් අය පෙන්වා දුන්නා රුපියල් බිලියන 100 ක් නැති වෙනවා කියලා. දුම්කොළ සමාගම වහන්න වෙනවා කීවා. නමුත් ජනාධිපතිවරයා පැහැදිලිව ප්‍රකාශ කළා මම දුම්කොළ සමාගම ආරක්ෂා නොකරන බව. දුම්කොළ සමාගම වහන්න වෙනවා නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. මට අවශ්‍ය මේ රටේ ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂා කිරිමටයි. ජනවාරි 08දා අපි ලබා දුන් පොරොන්දු එකිනෙක ඉටු කරනවා. අපට අවශ්‍ය වුයේ පැවැති ක්‍රමය වෙනස් කිරීමටයි. මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයත් සියලු ම දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන ඒකාබද්ධව සකස් කළා. 2020 දක්වා ඉදිරිපත් කළ මැතිවරණ ප්‍රකාශය තමයි වර්තමානයේ ක්‍රියාත්මක කරන්නේ. එහිදී ජනතාවට අවශ්‍ය වුයේ ක්‍රමය වෙනස් කිරීමටයි. ජීවන වියදම ගැන නොවෙයි ජනතාව අදහස් දැක්වුයේ. ජනාධිපතිවරයාගේ බලතල එකිනෙක අඩුවෙමින් පවතිනවා. වර්තමානයේ ජනාධිපතිවරයා විවේචනය කරන්න ඕනෑම පුද්ගලයෙකුට පුළුවන්. නව ව්‍යවස්ථාව මගින් ජනාධිපති ක්‍රමයත් අහෝසි කරනවා" යැයි ද කීය.
"ලෝක සෞඛ්‍ය සංවිධානය පිළිගෙන තිබෙනවා බෝ නොවන රෝග පාලනය කිරීම සඳහා හොඳම වැඩපිළිවෙළ ශ්‍රි ලංකාවේ ක්‍රියාත්මක කරන බව. එවැනි වැඩපිළිවෙළක් ලෝකයේ කිසිඳු රටක ආරම්භ කර නැහැ. රජයේ වියදමින් රෝග පරීක්ෂණ මධ්‍යස්ථාන පිහිටුවීමට පියවර ගෙන තිඛෙනවා" යැයි ද වැඩිදුරටත් පැවැසීය.
මෙම අවස්ථාවට මහා සංඝරත්නය, බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය, සෞඛ්‍ය අමාත්‍ය සුමිත් ලාල් මෙන්ඩිස් මහත්වරු ඇතුලු බස්නාහිර පළාත් සභාවේ මැති ඇමැතිවරුන් රැසක් එක්ව සිටියහ.