අදාළ ඉඩම් කොටස් 38 සඳහා බිම් සලකුණු කර කට්ටි වෙන් කර ඇති අතර , මේ මාසය අවසන් විමට ප්‍රථම අදාළ ප්‍රතිලාභින්ට ඉඩම් ලබා දීමට හැකි බවද ඒ මහතා පෙන්වා දුන්නේය.
රඹුක්කන ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ පැවති ප්‍රාදේශිය සම්බන්ධිකරණ කමිටු රැස්වීමේදී විජේරත්න මහතා මේ බව සඳහන් කළේය.
එසේම මධ්‍ය අවදානම් සහිත නිවාස 4 ක්ද හඳුනාගෙන තිබේ. ඒ අය තමන් විසින්ම නිවාස සාදා ගැනීමට කැමැත්ත පළ කර තිබෙන අතර ඒ අයට වන්දි ගෙවීමට කෑගල්ල දිස්ත්‍රික් ලේකම් මගින් අපදා කළමනාකරණ අමාත්‍යාංශයට දන්වා ඇති බව ද ප්‍රාදේශිය ලේකම්රයා වැඩි දුරටත් පැවසීය.
DMU_ Kegalle