ඒ අනුව ඊයේ (22) අද (23) හා හෙට (24) යන දිනයන්හි අනුරාධපුර වලිසිංහ හරිස්චන්ද්‍ර විද්‍යාලයේදීත්, 26, 27 හා 28 යන දිනයන්හි පොළොන්නරුව රාජකීය විද්‍යාලයේදීත්, 27, 28 හා 29 යන දිනයන්හි පිළියන්දල ශාස්ත්‍රනන්ද පිරිවෙනේදීත් මෙම රණවිරු දූ දරු ප්‍රථමාධාර පුහුණු වැඩමුළු පැවැත්වේ.
දෛනික ජීවිතයේදී මුහුණ දිමට සිදුවන හදිසි අනතුරු හා විවිධ ආපදා තත්ත්වයන්හී දී ඒවාට සාර්ථකව මුහුණ දීමටත්, ප්‍රජාවේ අන් අයට උපකාරවිමට හැකි අයුරින් දූ දරුවන් සඳහා පිළිගත් ක්‍රමවේදයන්ට අනුව ප්‍රථමාධාර පුහුණුවක් ලබා දීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණයි.
මෙම ප්‍රථමාධාර පුහුණු වැඩමුළුව සඳහා ශාන්ත ජෝන් ගිලන් රථ සේවාවේ සම්පත් දායකත්වය ලැබෙන අතර පුහුණුව ලද දූ පුතුන් සඳහා විභාගයක් පවත්වා ඉන් සමත්වුවන් හට අන්තර්ජාතික වශයෙන් පිළිගත් සහතිකපතක් ද ශාන්ත ජෝන් ගිලන් රථ සේවය මඟින් නිකුත් කිරීමට අපේක්ෂිතය.