ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ මහනුවර දිස්ත්‍රික් කාර්යාලය මගින් මෙම සම්මාන උළෙල සංවිධානය කොට තිබේ.
මෙහිදී කෘෂිකාර්මික අංශය, කාර්මික නිෂ්පාදන අංශය හා සේවා අංශය යන අංශ තුන යටතේ මහනුවර දිස්ත්‍රික්කයේ ව්‍යවසායකයින් ඇගැයීමට ලක් කරන අතර පොදුවේ විශිෂ්ටතම කුඩා ව්‍යාපාරිකයින් දෙදෙනෙකු ඇගැයීමට ලක්කෙරේ. නිර්ණායකයන් කීපයක් පදනම් කරගනිමින් ස්වාධින විනිශ්චය මණ්ඩලයක් මගින් මෙම ව්‍යවසායකයින් තෝරාගෙන ඇති බව මහුනවර දිස්ත්‍රික් කුඩා ව්‍යාපාර අංශයේ සහකාර අධ්යක්ෂ කේ.ආර්.එන් මල්කාන්ති මහත්මිය පවසයි.
AP/DMU-Kandy