නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගම්පහ දිස්ත්‍රික්කයේ රෝහල් 03 ක් සංවර්ධනය කෙරේ

    දෙසැම්බර් 20, 2016
     
    ගම්පහ දිස්ත්‍රික්කයේ රෝහල් 03ක් සංවර්ධනය කිරීමට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය කටයුතු යොදා ඇත. ඒ අනුව ගම්පහ මහ රෝහල, මිගමුව දිස්ත්‍රික් රෝහල සහ වතුපිටිවල මුලික රෝහල සංවර්ධනය කෙරනු ඇත.
     
    සෞඛ්‍ය, පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා එම රෝහල්වල පසුගියදා නිරික්ෂණ චාරිකාවක නිරත විය. එහිදී ගම්පහ මහ රෝහලේ නව ගොඩනැගිල්ලේ උපකරණ හිඟය පිළිබඳ ව අවධානය යොමු කළ සෞඛ්‍ය අමාත්‍යවරයා උපකරණ කඩිනමින් ලබාදීමට පොරොන්දු විය. වතුපිටිවල මූලික රෝහලේ ඖෂධ ගබඩාව නවීකරණය කිරීමට තීරණය කෙරිණි. 
     
    මිගමුව දිස්ත්‍රික් මහ රෝහලේ දැනට ප්‍රතිසංස්කරණය කරන මහල් 09 කින් යුත් ගොඩනැගිල්ල ලබන අප්‍රේල් මාසය වන විට යළි සෞඛ්‍ය අමාත්‍යාංශයට බාරදෙන ලෙස කොන්ත්‍රාත් සමාගමට සෞඛ්‍ය අමාත්‍යවරයා දැනුම් දෙන ලදි. මෙම ගොඩනැගිල්ලේ ප්‍රතිසංස්කරණ කටයුතු මාස 15ක කාලයක් සිදු කරන අතර, එය මන්දගාමීව සිදු කරන බවට මෙහිදී චෝදනා එල්ල විය. මීගමුව දිස්ත්‍රික් මහ රෝහලේ ඩෙංගු සහ ඩෙංගු රක්තපාත උණ සායනික කළමනාකාරණ මධ්‍යස්ථානය ද සෞඛ්‍ය අමාත්‍යවරයා නිරික්ෂණය කරන ලදී. එම මධ්‍යස්ථාන බාර අධ්‍යක්ෂ වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දු මහතාට සෞඛ්‍ය අමාත්‍යවරයා දැනුම් දුන්නේ ගම්පහ දිස්ත්‍රික්කයේ ඩෙංගු රෝගය මැඩලීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් දියත් කරන ලෙසයි. 
     
    මෙම අවස්ථාවට ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි චතුර සේනාරත්න, එම රෝහල්වල අධ්‍යක්ෂවරු සහ රෝහල් කාර්ය මණ්ඩලය ද එක්ව සිටියහ. 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya