නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාධ්‍යවේදීන් දැනුවත් කිරීමක්

    දෙසැම්බර් 20, 2016
    පෝෂණයෙන් සපිරි සමාජයක් බිහිකිරීම උදෙසා නිවැරදි පෝෂණය පිළිබදව ප්‍රජාව දැනුවත් කිරීමේදී ගාල්ල දිස්ත්‍රික්කයේ මාධ්‍යවේදීන්ගේ දායකත්වය කවරාකාර වූවක් ද යන්න පිළිබඳව සාකච්ඡා කෙරෙන වැඩ මුළුවක් හෙට පෙ.ව 9 ට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ශ්‍රවණාගාරයේ දී පැවැත් වේ.
    මෙහි ප්‍රධාන දේශනය කොළඹ ශ්‍රි පාලි මණ්ඩපයේ ආචාර්ය ටියුඩර් වීරසිංහ මහතා විසින් සිදු කිරීමට නියමිතය.
     
    ජනතාවගේ පෝෂණය වැඩි දියුණු කිරීමේ කාර්යය සඳහා සෞඛ්‍ය නොවන ක්‍ෂේත්‍රයේ ක්‍රියාකාරී මැදිහත් වීම අත්‍යාවශ්‍යයය. එබැවින් ජාතික පෝෂණ ලේකම් කාර්යාලයේ මැදිහත් වීමෙන් ජාතික වැඩපිළිවෙලක් ලෙස ක්‍රියාවට නංවා ඇති පෝෂණය සඳහා වන බහු ආංශික ක්‍රියාකාරී සැලැස්මට අදාලව ව්‍යාපෘති ක්‍රියාත්මක කෙරේ. මේ යටතේ නිවැරදි පෝෂණය හා සෞඛ්‍ය පිළිබඳව එම ක්‍ෂේත්‍රයේ නියුතු නිලධාරීන් සහ සිවිල් ප්‍රජාව දැනුවත් කිරීමේ වැඩසටහන් මේ වන විට දිවියින පුරා ක්‍රියාත්මකය. 
     
    AP/DMU-Galle
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya