නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ත්‍රීරෝද රථ නියාමනය සඳහා ජාතික ප්‍රතිපත්තියක්

    දෙසැම්බර් 19, 2016
    80 දශකයේ අගභාගයේදී ආරම්භ වු ශ්‍රී ලංකාවේ ත්‍රිරෝද රථවලින් මගී ප්‍රවාහන කටයුතු සඳහා නිසි නියාමනයක් හෝ නීති සහ රෙගුලාසි නොමැතිව පැවති අතර මෙම මගී ප්‍රවාහන කටයුතු සඳහා නව නීති සහ රෙගුලාසි පද්ධතියක් ඇතුලත් ජාතික ප්‍රතිපත්තියක් සැකසීම ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය විසින් අද (19) ආරම්භ කරන ලදි. 
     
    මෙම ජාතික ප්‍රතිපත්තිය සැකසීම පිළිබඳ ව ත්‍රීරෝද රථ සංගම් දැනුවත් කිරීම සහ ඔවුන්ගේ අදහස් දැනගැනීම සඳහා ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් අද පෙරවරුවේ සෙත්සිරිපායේ පිහිටි ප්‍රවාහන අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී පැවැත්විණ.
     
    මෙම නීති හා රෙගුලාසි පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර සම්මත කරගැනීමෙන් අනතුරුව නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කෙරේ.
     
    ත්‍රීරෝද රථවලින් ගමන් ගන්නා මගීන්ගේ ජීවිත ආරක්ෂාව සඳහාත් ත්‍රීරෝද රථ රියදුරන්ගේ සුරක්ෂිතභාවය සඳහා මෙම ජාතික ප්‍රතිපත්තිය ගෙන ඒමට අදහස් කළ බවත් එම නීති රෙගුලාසි කෙටුම්පත් කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ප්‍රථම අදාළ වෘත්තිකයන් සමඟ සාකච්චා කිරීමටත් ඔවුන්ගේ අදහස් පාර්ලිමේන්තුවට ගෙනයාමටත් තමා අදහස් කළ බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසිය.
     
    මෙම නීති පද්ධතිය සැකසීමට මෝටර් රථ කොමසාරිස් දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා පොලීසිය, නීතිපති දෙපාර්තමේන්තුව හා ප්‍රවාහන අමාත්‍යාංශය ඒකාබද්ධ වී කටයුතු කිරීමට සුදානම් බවත් සියලු ත්‍රීරෝද රථ සංගම් වල පූර්ණ සහයෝගය ලබාදීමට ඔවුන් එකඟ වු බව පැවසු  අමාත්‍යවරයා ත්‍රීරෝද රථ භාවිතා කරන මගීන්ගේ සහයද ලැබිය යුතු බව පැවසීය.
     
    මිල පාලනය කිරීම වැනි ක්‍රමවේදවලට ප්‍රවාහන අමාත්‍යාංශය මැදිහත් නොවන බවත් ඒ සඳහා මැදිහත් වීමට බලයක් නොමැති බවත් ප්‍රකාශ කළේය. එමෙන්ම ත්‍රීරෝද රථවල ගමන් ගන්නා අයත් ත්‍රීරෝද රථ හිමියනුත් මේ සඳහා පුර්ණ සහයෝගය ලබාදිය යුතු බවත් මෙම නියාමනය තුළින් ත්‍රීරෝද රථ ප්‍රවාහන සේවය වඩාත් ඉදිරියට ගෙනයාමට හැකියාව ලැබෙන බවද ප්‍රකාශ කළේය. ත්‍රිරෝද රථ හිමියන්ගේ හා රියදුරන්ගේ ගැටළු රාශියක් තිබෙන බවත් ඒ පිළිබඳ ව මුදල් අමාත්‍යවරයා දැනුවත් කරන බවත් එහිදී පැවසීය.
     
    මෙම අවස්ථාවට ප්‍රවාහන අමාත්‍යාංශ ලේකම් නිහාල් සෝමවීර, මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් ජගත් චන්ද්‍රසිරි, ශ්‍රී ලංකා පොලීසියේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයෙකු ඇතුලු නිලධාරීන් පිරිසක් සහභාගී වුහ.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya