නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අඩු මිලට සතොසින් සහල්

    දෙසැම්බර් 19, 2016
    උත්සව සමයත් සමඟ සහල් සඳහා ඇති ඉල්ලුම සපුරාලීමට වී අලෙවි මණ්ඩලයේ ගබඩාවල ඇති වී තොග මිලදී ගැනීමටත් සහල් මෙට්‍රික් ටොන් 10,000ක් ආනයනය කිරීමටත් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා නිලධාරීන් වෙත උපදෙස් ලබා දී ඇත.
     
    මේ යටතේ වී අලෙවි මණ්ඩලය සතුව ගබඩාවල ඇති සුදු සහ නාඩු වී මෙට්‍රික් ටොන් 20,000ක් පමණ වහාම මිලට ගෙන රාජ්‍ය හා පෞද්ගලික වී මෝල් වෙතින් සහල් බවට පත් කොට සහල් කිලෝවක් රුපියල් 78ක මිලකට සතොස හරහා ඉදිරියේ දී සහල් අළෙවි කිරීමට කටයුතු සම්පාදනය කිරීමට ද නිලධාරීන් වෙත උපදෙස් ලබා දී ඇත.
     
    එමෙන් ම වෙළෙඳපොලේ සහල් මිල ඉහළ යාමට පිළියමක් ලෙස අනායනය කරනු ලබන සහල් මෙට්‍රික් ටොන් 10,000ක ප්‍රමාණය ලංකා සතොස හරහා අළෙවි කරනු ලැබේ.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya