නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනමාධ්‍යවේදින් වෙනුවෙන් වැඩමුළුවක් මාතර දී

    දෙසැම්බර් 17, 2016
    ජාතික සංහිඳියාව මෙරට තුළ ස්ථාපිත කිරීම සඳහා ජනමාධ්‍යවේදියා සතු කාර්යභාරය මැයෙන් එක්දින වැඩමුළුවක් පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙ.ව.8.30 ට මාතර - පීක්වැල්ල, ගඟ අද්දර හෝටලයේ දී පැවැත්වේ.
    ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සංවිධානයෙන් හා මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මාධ්‍ය ඒකකයේ සම්බන්ධීකරණයෙන් මෙම වැඩ සටහන පැවැත්වේ.
     
    කැලණිය විශ්ව විද්‍යාලයේ ජනසංනිවේදන අධ්‍යයන අංශයේ හිටපු අංශාධිපති, ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස, ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති අධිනීතිඥ කොග්ගල වෙල්ලාල බන්ධුල සහ අතිගරු ජනාධිපතිතුමාගේ ජනමාධ්‍ය උපදේශක, ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ගාමිණී සුමණසේකර යන මහත්වරු සම්පත් දායකයින් වශයෙන් සහභාගි වෙති.
     
    මෙහි සමාරම්භක අවස්ථාවට මාතර දිස්ත්‍රික්කය නියෝජනය කරන මහජන නියෝජිතයින් හා මාතර දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් රත්නායක මහතා ප්‍රමුඛ රාජ්‍ය නිලධාරීන් සහභාගි වීමට නියමිත ය.
     
    මෙම වැඩමුළුව සඳහා මාතර දිස්ත්‍රික්කයේ සියලුම ජනමාධ්‍යවේදීන් සහභාගි වීමට නියමිතය.
     
    AP/DMU-Matara
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya