ව්‍යවසායකයින්ට වෙළද පොල අවස්ථා පුළුල් කර දීම, වෙළද පොල හදුන්වා දීම, පාරිභෝගික ඇණවුම් වර්ධනය තුලින් අදායම වැඩිකර ලීමේ අරමුණින් ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යංශයේ රත්නපුර දිස්ත්‍රික් කුඩා ව්‍යාපාර අංශය මෙහෙයවීමෙන් මිණිපුර ව්‍යවසාය අලෙවි ප්‍රදර්ශනය පසුගියදා පැවැත්විණි.
එහිදි විවිධ අංශවලින් තෝරා ගනු ලැබූ ච්‍යචසායකයින් 8 දෙනෙකු සදහා මෙහිදී රන් සමිමාන 8 ක් පිරිනැමිණ.තචද කෘෂි හා නිෂ්පාදන අංශවලින් තිදෙනෙක්ද සේවා අංශයෙන් දෙදෙනෙක්ද මිළදි ගැනීමේ හා අලෙවි අංශයෙන් එක් අයෙකුද වශයෙන් රන් සම්මානයෙන් පිදුම් ලැබීය.
විශිෂ්ඨතම කාන්තා ව්‍යවසායිකාව ලෙස ඕ.එච්.දිනුෂා ලක්මාලී මහත්මිය පිදුම් ලැබීය.
රත්නපුර දිස්ත්‍රික් කුඩා ව්‍යාපාර අංශයේ සහකාර අධ්‍යක්ෂ එච්.ඒ.ඩි.කුමාරත්න මහතාගේ මෙහෙය වීමෙන් මෙම උත්සවය සංවිධානය කරන ලද අතර රත්නපුර අතිරේක දිස්ත්‍රික් ලේකම් දයානන්ද කොළඹගම සහ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ අධ්‍යක්ෂ සුධීර ජයරත්න යන මහත්වරුන්ද මෙම අවස්ථාවට සහභාගී වුහ.
AP/DMU-Ratnapura