ශ්‍රම වෙළඳපොළ තුළ පවත්නා රැකියා අවස්ථා හඳුනාගෙන මාතර දිස්ත්‍රික්කයේ රැකියා අපේක්ෂිත තරුණ තරුණියන් ඒ වෙත යොමු කර ජාතික සංවර්ධනයට දායක කිරීම මෙම මධ්‍යස්ථානය තුළින් අපේක්ෂා කෙරේ.
රැකියා සපයන පෞද්ගලික ආයතන සහ රැකියා අපේක්ෂිත තරුණ තරුණියන් අතර සම්බන්ධීකරණය සිදු කිරීම මගින් රැකියා අවස්ථාවන් සඳහා යොමුවීමට ඔවුන්ට අවස්ථාව සලසාදීම මෙම රැකියා සේවා මධ්‍යස්ථානය හරහා සිදුකෙරෙනු ඇත.
ප්‍රදේශයේ දේශපාලන නායකත්වය, මාතර දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් රත්නායක මහතා ප්රමුඛ රාජ්‍ය නිලධාරීන් සහ රැකියා අපේක්ෂිත තරුණ තරුණියන් මේ අවස්ථාවට සහභාගි වීමට නියමිත ය.
AP/DMU-Matara