මාවනැල්ල, අලුත්නුවර ශ්‍රී දැඩිමුණ්ඩ දේවාල භූමිය සහ පූජා නගරය සංවර්ධනය කිරීම පිළිබඳ ව පසුගිය දා අග්‍රාමාත්‍ය කාර්යමණ්ඩල ප්‍රධානී සහ නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ දී පැවැති සාකච්ඡාවකදී අදාළ නිලධාරීන්ට අමාත්‍යවරයා උපදෙස් ලබා දී තිබේ.
එමෙන් ම දේවාල භූමිය සංවර්ධනයේ දී එහි පවත්නා පුරාවිද්‍යාත්මක වටිනාකම් ආරක්ෂා කරගනිමින් සංවර්ධන කටයුතු ක්‍රියාත්මක කරන ලෙසට අමාත්‍යවරයා විසින් උපදෙස් දෙනු ලැබීය.
දේවාලයට සහ දේවාලය වන්දනාමාන කිරීම සඳහා පැමිණෙන බැතිමතුන්ගේ ආරක්ෂාව සඳහා ගතයුතු ක්‍රියාමාර්ගද මෙහිදී සාකච්ජාවට ලක් වී ඇත.
මෙම අවස්ථාවට මහනුවර විෂ්ණු දේවාලයේ සහ දැඩිමුණ්ඩ දේවාලයේ බස්නායක නිළමේ මහේන් රත්වත්තේ, දැඩිමුණ්ඩ දේවාලයේ තේවාව භාර දම්සිරි කරුණාරත්න යන මහත්වරුන් මෙන්ම ලේක්හවුස් ආයතනයේ සභාපති කාවන් රත්නායක මහතා ඇතුලු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඇතුලු රාජ්‍ය නිලධාරීන් රැසක් ද සහභාගී වී සිටියහ.