ප්‍රධාන අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ මධ්‍යම පළාත් සභාවේ හයවැනි පළාත් සභාවේ හතරවැනි අයවැය ප්‍රකාශයට පත් කරමිනි.
අයවැය ප්‍රකාශයට පත් කරමින් තවදුරටත් කරුණු දැක්වූ ප්‍රධාන අමාත්‍යවරයා පළාත් සභාවක් වශයෙන් පළාතේ ජනතාවගේ ජීවන තත්වය නංවාලීමේ අරමුණීන් කටයුතු කිරීමේදී මධ්‍යම රජය ජාතික මට්ටමින් ක්‍රියාත්මක කරන සංවර්ධන වැඩසටහන් සමග බද්ධ වී කටයුතු කිරීම අත්‍යවශ්‍ය බවද පැවසීය. විශේෂයෙන්ම ජනාධිපතිතුමන්ගේ මග පෙන්වීම මත ක්‍රියාත්මක කරන ජාතික වැඩසටහන් වන ආහාර වැඩසටහන, පරිසර වැඩසටහන, මත්ද්‍රව්‍ය නිවාරණ සහ වකුගඩු රෝග නිවාරණ වැඩසටහන යන වැඩසටහන් තුළින් මධ්‍යම පළාතේ ජනතාවගේ යහපැවැත්ම සදහා විශාල පිටිවහලක් වී ඇති බව පෙන්වා දුන් ප්‍රධාන අමාත්‍යවරයා 2017 වසරේදී එම වැඩසටහන් සක්‍රීය ලෙස මධ්‍යම පළාත තුළ ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවද පෙන්වා දෙන ලදී.
එමෙන්ම 2015 පැවති එක්සත් ජාතීන්ගේ සමුළුවේදී සම්මත කරන ලද තිරසර සංවර්ධනය සදහා වන වර්ෂ 2020 න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීමට රජය ගෙන යන වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමේදී ඒ සදහා පළාත් සභා යටතේ විශාල කාර්යභාරයක් ඉටු කළ යුතුව ඇති බව ද පැවසූ ප්‍රධාන අමාත්‍යවරයා 2017 වසරේ ඒ සදහාද ප්‍රමුඛස්ථානය ලබාදිය යුතු බවද පෙන්වා දෙන ලදී.
ජනාධිපතිතුමන් ඇතුළු රජයේ උපදෙස් අනුව ස්ථාපිත කොට ඇති ජාතික සමගිය හා සංහිදියා කාර්යාලය මගින් ලංකාවේ සියළු ජන කොටස්වල ජාතික හා ආගමික අනන්‍යතාවය සුරකිමින් එකිනෙකාට ගරු කරන අභිමානවත් ශ්‍රී ලාංකික ජනතාවක් ලෙස ජීවත්වීමට අවශ්‍ය පරිසරය උදා කරමින් සිටින බවද පැවසූ ප්‍රධාන අමාත්‍යවරයා 2017 වසරේදී මධ්‍යම පළාත තුළද මෙම කාර්ය සාර්ථකව ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදන බවද පෙන්වා දෙන ලදී.
බහුජාතික හා බහු ආගමික ප්‍රජාවක් සමගිය හා සංහිදියාව තුළින් එකම මවකගේ දරුවන් සේ ජීවත්වීම තුළින් මධ්‍යම පළාතේ ජනතාව මෙරටට පමණක් නොව සමස්ථ ලෝකයටම මනා ආදර්ශයක් සපයා ඇති බව පෙන්වා දුන් සරත් ඒකනායක ප්‍රධාන අමාත්‍යවරයා එලෙස සමගියෙන් සහ සහයෝගයෙන් එදා මෙදාතුර ජීවත්වීම ප්‍රශංසනීය කාර්යයක් බවද පෙන්වා දෙන ලදී.
අයවැය ප්‍රකාශයට පත්කිරීමේ අවස්ථාව මධ්‍යම පළාත් සභාවේ සභාපති එල්.ඩී . නිමලසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති අතර, එළඹෙන 07 වැනි දින අයවැය විවාදය ආරම්භ කිරීමට නියමිතය.
AP/DMU-Kandy