උන බට, මැටි , පොල්ග කටු හා හණ කෙඳි ආශ්රිත නිර්මාණ වලින් මෙම අත්කම් නිර්මාණ ප්රදර්ශනය හැඩගැන්වූ අතර බතික් නිර්මාණ ද මෙම ප්රදර්ශනයට ඇතුළත් කර තිබුණි.
ජාතික ශිල්ප සභාවේ මැදිහත් වීමෙන් පවත්වන ලද මෙම හස්ත කර්මාන්ත ප්රදර්ශනයට සහය වූ බොහෝ ආධුනිකයන් පවසා සිටියේ ජාතික ශිල්ප සභාව තමන්ගේ අනාගතය ගොඩනංවාලීමට ගත් මෙම ප්රයත්නය ඉතාමත් ප්රශංසනීය බවයි.
මෙම අවස්ථාවට ප්රධාන ආරාධිත අමුත්තා ලෙස ජාතික ශිල්ප සභාවේ සභාපතිනි හේෂානි බෝගොල්ලාගම මෙනවිය සහභාගී වූවාය.
AP/DMU-Kegalle